Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මවක් 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා!

 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත...


 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.


මෙම පිරිස අතර දැරියගේ මව,තවත් කාන්තාවක,ලිංගික කටයුතු සඳහා දැරිය ප්‍රවාහනය කළ තීරෝද රථ රියදුරකු , මෝටර් රථ රියදුරකු,දැරියගේ ඡායාරූප ඇතුළත් කර අන්තර්ජාලයෙ දැන්වීම සකස් කළ පුද්ගලයන්, ඇය ලිංගික අපචාර සදහා යොදාගත් පුද්ගලයන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.


මෙම දැරිය ලිංගික වශයෙන් අපචාරයට ලක් කළ පිරිස අතර සිවුරු හැඳගත් අයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ රුපියල් 10.000 සිට 30 .000 දක්වා මුදලකට අලෙවි කර ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය මේ සඳහා යොමු කර ඇති බව ද හෙතෙම කීය.


මෙම දැරිය කුලී නිවසක රඳවා ගෙන ලිංගික අපචාර සඳහා යොදවන බවට ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හට ලැබුණු තොරතුරු මත ඉකුත් ජූලි 7 වැනි දින එම නිවස වටලා මෙම දැරිය සහ දැරිය ඒ සඳහා යොමු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කිරීමෙන් පසු වූ සිදුකළ විමර්ශනයේදී ඉහත පුද්ගලයන් 17 දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.


දැරිය අන්තර්ජාලය ඔස්සේ ලිංග අපචාර සඳහා භාවිතා කළ තවත් පුද්ගලයන් 20 දෙනකුගේ පමණ තොරතුරු හෙළිව ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

noizetv

No comments

Ads Place