Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අර්බුදය උපරිමයේ… ICU කොරෝනා ලෙඩුන්ගෙන් පිරී යයි.. රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් නවතා දමයි..

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැ...


රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීමටත්, හදිසි සැත්කම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක්  පැවසීය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් දැඩි සත්කාර එකක ඇඳන් හදිසි අවශ්‍යතාවකදී භාවිත කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔහු කීවේය.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒ්කක ඇඳන් මෙම දිනවල රට පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් හේතුවෙන් පිරී ඉතිරී යෑමේ අවදානමක් දැනට මතු වී ඇති අතර, පිට පළාත්වලින් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් නගරවල රෝහල්වලට ඇතුළත් කිරීමද මෙම තත්ත්වය මත සීමා කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය සැත්කම් කල් දැමීම හේතුවෙන් රෝහල්වල පොරොත්තු ලේඛන (වේටින් ලිස්ට්) තවත් මස ගණනකින් දීර්ඝ වනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place