Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

  කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ස...

 


කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

එහි සභාපති රවී කුමුදේශ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දෙයි.

කොරෝනා එන්නත් ලබා දීමේ අවදානම් කාණ්ඩ ප‍්‍රමුඛතාවය අනුව වෛද්‍යවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පෙර එන්නත ලබාගත යුතු සෞඛ්‍ය කාර්යමණ්ඩල පිරිස් සිටින බවද ඔහු එමඟින් පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවයේ අවදානමට ලක්ව සිටින අනෙකුත් සාමාජිකයන් නොසලකා හරිමින් මෙම කටයුතු සිදුකිරීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද දැඩි විවේචනයට ලක් කරයි.

කිසියම් වෘත්තියකට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් වරප්‍රසාදයක් සේ එන්නත භාවිතා කළහොත් නැවත ඒ මොහොතේ සිට සියලුම සෞඛ්‍ය කාර්යය සමග එක්ව සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව ද රවි කුමුදේශ් මහතා සදහන් කරයි.

********

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ගෝලීය සීමාන්තික සාධකයකි. එය ශ්‍රී ලාංකීය පුරවැසියන්ටද වඩාත් තදින් දැනෙන කාරණයක් වුවද රටට ලැබෙන සීමාසහිත එන්නත් ප්‍රමාණය වසංගතය පාලනයේ වුවමනාවන්ට අනූව ප්‍රමුඛතා අනුපිළිවෙලකට ලබා දීම ඉතා වැදගත්ය. ඒ අනූව එන්නත් වල පළමු ප්‍රමුඛතාවය සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමේ වාසිය රටක් ලෙස අප මේ මොහොතේ බුක්ති විඳිමින් සිටින්නෙමු.

කෙසේ නමුත් එන්නත් ලබා දීමේදී වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වල සාමාජිකයන්ට විශේෂතාවයක් දක්වමින් එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබාදී ඇති බවත් අප වෙත වාර්තා වී ඇත. එසේම ස්පුට්නික් V වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ඉතා සුළු ප්‍රමාණයක් රටට ලැබී ඇති බවත් එම එන්නත් ඉහත අවශ්‍යතාවය සඳහා පමණක් භාවිතා කිරීමට උත්සහ දරමින් සිටින බවත් අප වෙත වාර්තා වේ.
රටේ ඕනෑම පුරවැසියෙකු තමන්ට හෝ තම පවුලේ සාමාජිකයාට එන්නතක් ලබා දීම සඳහා තම තමන්ගේ සියළු හැකියාවන් භාවිතා කිරීම රෝගයකින් ගැලවීමට දරන අසාධාරණ උත්සහයක් නොවනු ඇත. නමුත් පරිපාලනමය වශයෙන් අදාල තීන්දු ගන්නා වෛද්‍ය නිළධාරීන් තම වර්ගයාට වඩා වැඩි සැලකිල්ලක් සිදු කිරීම සඳහා එන්නත භාවිතා කිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු. එසේම සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පවුල් වල සමාජිකයන් මේ මොහොතේ නිරායාසයෙන්ම සුවිශේෂ අවධානමකට ලක්වී ඇති කණ්ඩායමක් වන බැවින් රටේ පවතින එන්නත් ප්‍රමාණයද සැළකිල්ලට ගෙන ඊට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සාධාරණීකරනය කළ හැකි වුවද එම අවධානම ආරක්ෂක අංශය, සනීපාරක්ෂණ අංශය ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා වූ සියළු කාර්ය මණ්ඩලයේ පවුල් වල සාමාජිකයන්ට එක හා සමානව බලපැවැත්වෙන අවධානමක් මිස එක වෘත්තියකට පමණක් සීමා වන අවධානමක් නොවන බව අවධාරණය කරමු.

උක්ත කරුණු පිළිබඳ ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරමින් අසමාන සහ අසාධාරණ ලෙස වෛද්‍ය පරිපාලනය විසින් ගෙන ඇති ඉහත තීන්දුව අහෝසි කිරීමට හෝ සියළු කාර්ය මණ්ඩලයන්ට පොදු තීන්දුවක් ලෙස හෝ ක්‍රියාත්ක කිරීමට වහා පියවර ගන්නා ලෙස කාරුණිව ඉල්ලා සිටිමු. එසේම කිසියම් රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක එක් වෘත්තියකට පමණක් විශේෂ සැළකිල්ලක් දක්වමින් එන්නත වරප්‍රසාදයක් ලෙස භාවිතා කිරීමට උත්සහ දරනු ලැබුවහොත් නැවත නොදන්වා ඒ මොහොතේ සිටම අනෙකුත් සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ එක්ව සේවාවෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවද ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු.

No comments

Ads Place