Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන-රුසියා එන්නත් මෙරට හදන්න සූදානම්… තානාපතිලා නිෂ්පාදනාගාර බලන්න එති…

  කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛ...

 


කොරෝනා වෛරසය පාලනය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙරට දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

එම රටවල එන්නත් නිෂ්පාදන සමාගම් තම තාක්ෂණික දැනුම මෙරට ඖෂධ නිෂ්පාදන ආයතන වෙත ලබාදී ඒ හරහා මෙරට තුළ ආයෝජනය සිදු කිසිදු කිරීම ගැන මූලික වශයෙන් සාකච්ඡා වී ඇත.

මෙරට එන්නත් නිපදවීම සඳහා යෝජනා වී ඇති ස්ථානයක් නිරීක්ෂණය කිරීමට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලින් දැනටමත් එකඟතාවය පළකර ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

No comments

Ads Place