Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැත්කමකට ඉන්දියාවේ ගිය සේරුවිල නාහිමියෝ එරටදී කොරෝනා වැලදී අපවත් වේ…

  සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය...


 සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඞ් ආසාදිතව අපවත් වී වදාළහ.

අපවත් වනවිට 62 වැනි වියේ පසු වූ මෙත්තාරාම නාහිමියෝ ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවට වැඩම කර සිටියහ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ එහි විහාරාධිපති පදවියට පත්වූහ.

සේරුවිල කේන්ද්‍රකොට නැෙඟනහිර බෞද්ධ උරුමයන් ආරක්ෂාකර දීමට මෙත්තාරාම නාහිමියෝ වහන්සේ කැපවූහ.

ශල්‍යකර්මය සිදුකිරීමට පෙර උන්වහන්සේ මෙලෙස කොවිඞ් ආසාදනයට ලක්ව අපවත්වී ඇති බව වාර්තා වී තිබේ.

පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ උන්වහන්සේගේ ශී‍්‍ර‍්‍ර දේහය ලංකාවට රැුගෙන ඒමක් සිදු නොකර එරට දීම ආදාහනය සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව විහාරස්ථ ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments

Ads Place