Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුල්ලිවයික්කාල් යුද සැමරුම් අධිකරණ තහනම සංසෝදනය වේ… කොන්දේසි සහිතව සමරන්න අවසර…

  මුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සන්සෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර...

 


මුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සන්සෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

නීතීක්ඥ ඇන්ටන් පුනිදනායගම්, මුලතිව් හිටපු පලාත්සභා මන්ත්‍රී රවිහරන් ඇතුලු පිරිසක් විසින් අතුරු මෝෂමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් පනවා තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් තහනම් නියෝගය සංසෝධනය කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා නියෝග කරනු ලැබීය.

මේ අනුව පවතින කොරොණා අවධානම හමුවේ නිකුත් කොට ඇති සෞඛ්‍ය නීතිරීතීන් ආරක්ෂා කරමින් නිරෝධායන නීති කඩ නොකරන ලෙසටත් යුද සැමරුම් සිහිපත් කිරීමේදී මිය ගිය ත්‍රස්ත නායකයින්, ත්‍රස්ත සංවිධානයක් හෝ ප්‍රසිද්දියේ සිහිපත් නොකරන ලෙසට යන කොන්දේසී දෙක ආරක්ෂා කරමින් මුල්ලි වයික්කාල් සැමරුම් සිදු කිරීමට හැකි බවටය.

පසුගියදා මුලතිව් පොලිස් ස්ථාන 07 ක් මගින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් සිදුකිරීමට සූදානමින් සිටි පුද්ගලයින් 32 දෙනෙකුට එරෙහිව අධිකරණ තහනම් නියෝගයන් ලබාගෙන තිබුණි.

No comments

Ads Place