Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය කොරෝනා ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක්….

  ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරස ප්‍රභේදයද මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය ස...


 ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරස ප්‍රභේදයද මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයන් සහ මෙරට ධීවර ප්‍රජාව ගැඹුරු මුහුදේ දී සම්බන්ධ වීමේ හේතුවෙන් මෙම ඉන්දීය වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩක් මතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙම නව වෛරස ප්‍රභේදය පැතිරීම වේගවත් වී ඇති බවත් එක් අයකුගෙන් වැඩි පිරිසකට ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ඉන්දීය ප්‍රභේදය ධීවර ප්‍රජාව හරහා මෙරටට පැමිණීමේ අවධානම ගැන විමසිලිමත් විය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place