Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් ඉඩ නෑ.. ආසාදිතයන් නිවෙස්වල ගොඩගැසේ..

  කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් වැඩිවීම නිසා රෝ...

 


කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය ඉහළ යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ආසාදිතයන් වැඩිවීම නිසා රෝහල් තුළ ධාරිතාව අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

නිවෙස්වල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා ඇතැයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සනාථ කර ඇතැයිද ඔහු කියා සිටියේය.

ඇතිවී තිබෙන තත්ත්වය මත රෝහලට කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

ආසාදිත නමුත් රෝග ලක්‍ෂණ නොපෙන්වන රෝගීන් තම නිවෙස් තුලම රදවා දුරකතනය මගින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සදහන් කලේය.

No comments

Ads Place