Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්ථාවක් ඉල්ලයි

  දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්ථාවක් මේ මස 25 වන...

 


දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්ථාවක් මේ මස 25 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද  බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා .


ඒ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අද  අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු  එස්.කුමාරන්රත්නම් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.


මෙම පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසට නීතිපතිවරයා ඉල්ලා සිටි අතර ඊට ශානි අබේසේකරගේ නීතිඥවරයා විරෝධතා පලකරන ලදී .


හෘද සැත්කමකට භාජනය වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කඩිනමින් විභාග කිරීමේ  අවශ්‍යතාවය ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයේ දී අවධාරණය කර සිටියා .


ඒ අනුව පෙත්සම මැයි මස 27 දා  විභාග කිරීමට දින නියම කරන ලදී .


මේ අතර රක්ෂිත බන්ධනාගාරයේ සිටින උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ගොනු කළ පෙත්සමද මැයි  මස 27 දා විභාගයට ගැනීමට  සලකා බැලීමට ද අභියාචනාධිකරණය අද දින නියම කරන ලදී .


2013 දී ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්‍ෂි කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකරා සහ සුගත් මෙන්ඩිස් යන අය  කොළඹ අපරාධ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කරන ලදී .


එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත අතර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත් අධිකරණය සහ ගම්පහ මහාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී .


ඒ අනුව එම අධිකරණ වලින් ඇප ප්‍රතික්ෂේප කිරීමට නිකුත් කළ නියෝග ප්‍රතිශෝධනය කර සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

No comments

Ads Place