Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම පිළිබද චීන ස්ථාවරයේ වෙනසක්

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් චීන ස්ථාවරයේ වෙනසක් සිදුකරමින්  තමන් විසින් එය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යවරයා ප...


ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් චීන ස්ථාවරයේ වෙනසක් සිදුකරමින්  තමන් විසින් එය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


චීන විදේශ අමාත්‍ය වැන් ලී මධ්‍යම ආසියානු නායකයන් සමග පැවති සමුලුවකදී තවදුරටත්  ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ස්ථාවරත්වය සහ සංවර්ධනය වෙනුවෙන් සහයදීමට තම රට සූදානම් බවයි.


කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර චීන විදේශ අමාත්‍යාංශය සදහන් කළේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම අනුමත කළ නොහැකි බවයි.


එමගින් ඇෆ්ගනිස්තානයේ අනාරක්ෂිත තත්වයක් හටගෙන දැවැන්ත අර්බුදයක් හටගත හැකි බව චීන විදේශ අමාත්‍යාංශය එහිදී ප්‍රකාශ කර තිබිණ.


චීනයේ මෙම නව ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් පළකරන විදෙස් විචාරකයන් සදහන් කරන්නේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු මතුවන රික්තව තුළ වාසි ලබා ගැනීමේ උත්සහයක් නිරීක්ෂණය කළ හැකි බවයි.


ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා සැප්තැම්බර් මස 11වනදා වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට නියමිතයි.

No comments

Ads Place