Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

  අඩුම තරමින් දින 14 ක කාලයක් සඳහා රට වසා දැමීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කෙරෙන විද්‍යාත්මක ප්‍රවේශයක් මේ වනවිට එළිදැක්වී තිබේ. වත්මන් කොවිඩ...

 


අඩුම තරමින් දින 14 ක කාලයක් සඳහා රට වසා දැමීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කෙරෙන විද්‍යාත්මක ප්‍රවේශයක් මේ වනවිට එළිදැක්වී තිබේ.

වත්මන් කොවිඩ් 19 තත්ත්වය පාලනය සඳහා හා විද්‍යාත්මක උපාය මාර්ගයක් මැයෙන් වූ එම යෝජනා සම්පාදනය කරනු ලැබ ඇත්තේ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය සහ මැලේරියාව පිළිබඳ හිටපු විශේෂඥ සම්මානිත මහාචාර්ය කමනි මෙන්ඩිස් මහත්මිය විසිනි.

එය සකස්කර ඇත්තේ වංසගත රෝග සහ රෝග වැළැක්වීම පිළිබඳ විශේෂඥයින් රැසක් සමග සිදුකෙරුණු සාකච්ඡාවකින් අනතුරුවයි.

දැනට පැතිරෙමින් තිබෙන කොවිඩ් වෛරස් ප්‍රභේදය පෙර රැළිවලට වඩා වේගයෙන් බෝවන එකක් බව එහි සඳහන් ය.

ඉන්දියාවෙන් සොයා ගැනුණු වෛරස් ප්‍රබේදය ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති බැවින් එය ද ව්‍යාප්ත වන බවක් පෙනී යන බව මෙම විද්‍යාත්මක ප්‍රවේශයෙන් අවධාරණය කර තිබේ.

කොවිඩ් ආසාදිතයින් කළමනාකරණය සඳහා සෞඛ්‍ය පද්ධතිය සතු ධාරිතාව මේ වනවිට අභිබවා ඇති බැවින් ඉදිරියේදී වළක්වා ගත හැකි මරණ සිදුවිය හැකි බව මෙයින් අවධාරණය කෙරෙන විද්‍යාත්මක නිගමනයයි.

දැනට බලපැවැත්වෙන කුඩා ප්‍රදේශ හුදකලා කිරීම්, අන්තර් පළාත් සංචරණ සීමා , කෙටිකාලීන හා අන්තර්කාලීන වසා දැමීම් හා මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන මැදිකාලීන සීමා පැනවීම් ඵලදායී නොවන බව ද මෙයින් පෙන්වා දී තිබේ.

මේ විශේෂඥයින් රට වසා දැමීමට නිර්දේශ කරන්නේ ආර්ථිකයට හා ජන ජීවිතයට බලපෑම් යම් තාක් දුරකට සමනය කෙරෙන්නාවූ නිර්දේශ ද සමගයි.

එම නිර්දේශ වන්නේ

🔺අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම.

🔺සෑම දිස්ත්‍රික්කයකම සිල්ලර වෙළෙඳසැල් ඔසුසැල් ඉන්ධන හල් කිහිපයක් විවෘතව තබා ගැනීම.

🔺 එළවළු, පලතුරු , බේකරි නිෂ්පාදන , මත්ස්‍ය නිෂ්පාදන හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය වාහන මගින් බෙදා හැරීමට බලපත්‍ර නිකුත් කිරීම,

🔺ඇණවුම් අනුව බෙදා හැරීමට සීමාවන පරිදි අවන්හල්වල ආහාර පිළියල කිරීමට පමණක් අවසර දීම,

🔺 ආණ්ඩුවේ අත්‍යවශ්‍ය දෙපාර්තමේන්තු පැය කිහිපයක් සදහා පමණක් විවෘත කර සේවා මුර අනුව සීමිත සේවක පිරිසක් පමණක් ගෙන්වා ගැනීම,

🔺 ඕනෑම කර්මාන්ත ශාලාවක හෝ ව්‍යාපාරයක අනුයුක්ත සේවයකයින්ට සිය නිවෙස්වල සිට රාජකාරි කිරීමට ඉඩ සලසා දීම,

🔺 සෞඛ්‍ය අවශ්‍යතාවක් වෙනයම් හදිසි කටයුත්තක් හෝ ආහාර මිලදී ගැනීම සඳහා එක්වරකදී එක් පුද්ගලයෙකුට පමණක් නිවසින් බැහැර වීමට අවසර ලබාදීම.

🔺 හතර දෙනෙකු ඉක්මවන ජනරාශී තහනම් කිරීම.

🔺 එළිමහන් කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදු කර පවත්වාගෙන යාම.
එම නිර්දේශයි.

මේ අතර හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පැවසුවේ, මේ වනවි භයානක තත්ත්වයක් උදගතව ඇති බවයි.

”දැන් වාර්තාවෙන සිද්ධිවල ප්‍රථිඵල තව සති දෙක තුනකින් අපිට පෙනෙයි.දැන් උද්ගත වෙලා තියෙන්නේ භයානක තත්ත්වයක්. අපි බිය විය යුතුයි. මේ තත්ත්වය ගැන.අපි දන්නවා රජයෙන් පියවර අරනත් තියෙනවා. පළාත් අතර සංචරණය සීමා කරා ඒත් එම සීමා කිරීමෙන් වැඩක් නෑ.මොකද මේ වෙද්දිත් පළාත්වල වෛරසය පැතිරිලා. ඒ හින්දා සංචරණ සීමා වැඩක් නෑ. පසුගිය සතියට වඩා මේ සතියේ ආසාදිත සංඛ්‍යාව වැඩි වෙලා.ජනතාව එක්තැනකින් තව තැනකට යාම වැලැක්වීමෙන් කොරෝනා ආසාදනය වීම අඩුවී නැහැ.මේක කලින් කළා නම් ඒ ප්‍රථීඵලය බලාපොරොත්තු වෙන්න තිබුණා “

No comments

Ads Place