Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා පැතිරුනේ ජනතාව අවුරුද්දට රටපුරා ඇවිද්ද නිසා.. එන්නත්කරණය අඩාල වුනේ ඉන්දියාවේ කොරෝනා නිසා..

  කොවිඩ් වසංගත තත්ත්වය සංකීර්ණයි. රජයක් ලෙස සෑම පාර්ශවයක් පිළිබඳවම සංවේදී විය යුතුයි” යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අමා...


 කොවිඩ් වසංගත තත්ත්වය සංකීර්ණයි. රජයක් ලෙස සෑම පාර්ශවයක් පිළිබඳවම සංවේදී විය යුතුයි” යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ යක්කල වැරැල්ලවත්ත පොලිටිකිස් ආයතනයේ අතහැර දැමූ කාර්මාන්ත ශාලාවක ඉදිවන නව කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවට එක්වී අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රතිපාදන මත ඉදිවන මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ශ‍්‍රම සම්පත් දායකත්වය නාවික හමුදාව විසින් සිදුකරන අතර, ඉදිරි සති දෙක ඇතුළත නිම කිරීමට නියමිතය.

යක්කල වැරැල්ලවත්ත පොලිටික්ස් ගාමන්ට්ස් කර්මාන්ත ශාලාව අරගෙන කොරෝනා රෝගීන් සඳහා මේක ආරෝග්‍යා ශාලාවක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තියෙන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සඳහා සම්පත් දායකත්වය නාවික හමුදාව විසින් සිදුකරනවා. අපිට විශ්වාසයක් තියෙනවා සතියේ අග වෙනකොට මේකෙ ආරම්භ කර සති දෙකක් අතුලත අවසන් කරන්න බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

කොරෝනා සීඝ‍්‍රයෙන් පැතිරේන එක හැමතැනම වෙන දෙයක් වන අතර, ඒක අපි පුළුවන්තරම් පාලනය කර ගන්න එක ඇත්ත වශයෙන්ම, රජය පමණක් නෙවෙයි ජනතාවගේත් වගකීම. ඉතිං හුඟක් අය දන්නවා පහුගිය කාලයේ අපේ අවුරුදු කාලයේ රටේ හැම තැනම ජනතාව ඇවිදලා කිිසිම පරිස්සමක් නැතුව වැඩ කටයුතු කරපු නිසා මේක පැතිරෙන්න යම්තාක් දුරකට හේතුවක් වුණා. ඉතිං අපි දැන් මෙතැන් පටන් වත් පුළුවන්තරම් දුරට පරිස්සම් වෙලා ඒ සෞඛ්‍ය ආරක්‍ෂිත කටයුතු අනුව කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට කටයුතු කරන අතරේ රජය පැත්තෙන්, මේ වගේ ආසාදනය වන අයට අවශ්‍යකරන පිළිසරණ සපයන්නට තමයි අපි මේ වගේ කටයුතු කරන්නේ. ඇඳන් ප‍්‍රමාණය වැඩි කරලා ආරෝග්‍ය ශාලා ප‍්‍රමාණය වැඩි කරලා රෝගීන් බලාගන්න කාර්යය, මං හිතන්නේ අපි ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව මේ වන විට ඉතාමත් හොඳින් කරගෙන හිටපු කාර්යයක්. ඉතිං මේ කොරොනා තත්ත්වය වර්ධනය වෙනවා කියලා අපි පසුබට වෙන්නේ නැහැ. අපි ඒ කාර්යය දිගටම කරගෙන යන බව ද කීය.

රජය දැනටමත් කියලා තියෙනවානේ මේ කාළේ උත්සව පවත්වන අයට ඒ සියල්ල සම්බන්ධව කඩා පැනලා ඒවා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නවා කියලා. නීතිය අපි ක‍්‍රියාත්මක කරනවා. නීති කි‍්‍රියාත්මක කිරීම පමණක් නෙවෙයි. ජනතාවගේ අතේත් හැමතිස්සේම වගකීමක් තියෙනවා. අපිත්, අපි දන්නා අඳුනන අයට නෑදෑ හිතමිතුරන්ට හැම කෙනෙකුටම මේක කියන්න ඕනෙ මේක කරන්න එපා කියලා. නීතියෙන් විතරක් හැමදේම පාලනය කරන්න බැහැනේ, මිනිස්සුන්ට වගකීමක් තියෙන්නට ඕනෙ.

රාජ්‍ය අමත්‍ය නාලක ගොඩහේවා මහතා මෙසේද කීහ; කොරෝනා රෝගය ලෝකෙටම ව්‍යාප්ත වූ දෙයක්. එහි වගකීම අපි භාරගන්න ඕනෙ වගේ කතාවක්නේ විපක්‍ෂ නායකතුමා කියන්නේ. කොරෝනා කියලා කියන්නේ ලෝක ආපදාවක්. කොරෝනා නැති රටක්් තියෙනවාද. විපක්‍ෂ නායකතුමා දේශපාලන කතාවක් කිව්වට මේ රටේ මහජනතාවට ඒ ගැන තැකීමක් කරන්න අවශ්‍ය නෑ. ප‍්‍රශ්නයක්, අභියෝගයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. එයට මුහුණ දිය යුතු අතර ඒ වෙනුවෙන් රජය සෑම කටයුත්තක්ම කරනවා. ඒ වගේම, ඇත්ත වශයෙන්ම කියනවා නම් කියනවා නම් ඉන්දියාවේ මේ වන විට මේ ඇතිවෙච්ච තත්ත්වය අපි දන්නවා අපිට ආසන්නටම රටේ බරපතල ලෙස කොරෝනා පැතිර යනවා. ඉතිං ඒ තත්ත්වය නිසා ඉංදියාවේ එන්නත්, පිටරටවලට නිකුත් කිරීම පවා පහුගිය කාලේ සීමා කළා. ඒ සීමා කිරීම නොකරා නම් අපේ පළමු සැළැස්ම අනුවට ගියා නම් මෙයිනුත් අපි එන්නත් කිරීමේ මට්ටම ඉතාමත් සාර්ථක තත්ත්වයකට එන්න තිබුණා. එතකොට අපිට ඒක නිසි ආකාරයට කරගන්න බැරි වුණේ ලංකාවේ රජයේ වරදකින් නොවන බවත්, ඒක වුණේ ඉන්දියාවේ තිබිච්ච ප‍්‍රශ්නයක් නිසා. නමුත් ඒකෙන් පසු තැවෙන්නේ නැතිව ලංකාවේ රජය මේ වන විට තවත් රටවල් ගණනාවක් සමග කතා කරලා ඒකට විසඳුම් සොයන අතර, ප‍්‍රශ්නවලින් පැන නොයා අලූත් විසඳුම් සොයමින් සිටින බවයි.

අපි සෑම අවස්ථාවකම දෙපැත්තක් බලන්න ඕනෙ. අපේ රටේ මිනිසුන්ට සංචරන සීමා සම්පූර්ණයෙන්ම පනවන්න කියලා කිව්වත් මහජනතාවගෙන් 100%ක් එය අනුමත කරනවාද? මිනිසුන්ගේ ජීවිකාව කරගන්නත් අවශ්‍යයි. ඒ හැමදේකටම දෙපැත්තක් තියෙනවා. පුළුවන්තරම් පාලනය කරගෙන සීමා කරන්න ඕනෙ. අවශ්‍ය ප‍්‍රදේශ සීමා කරලා මේක පාලනය කරගෙන යනවා. එහෙම නැතුව අපිට මුළු රටම වහන්න තීරණයක් ගන්න තිබුණා. නමුත් එහෙම තීන්දුවක් ගත්තා නම් එදිනෙදා ජීවිකාව කරගන ජීවත්වන පවුල් කීයකට ප‍්‍රශ්න ඇතිවෙනවාද. කොරෝනා නැතුව අනික් රෝග වලින් කී දෙනෙක් මැරෙනවාද. පසුගිය කාලෙ වගේ වසා දැම්මාම කොරෝනා ගැන විතරයි කතා කරන්නේ. කොරෝනාවලින් විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සු මැරෙන්නේ. තදබල ආසාදන නිසා මැරෙන බොහෝ දෙනෙක් ඉන්නවා ඒ අයට ප‍්‍රතිකාර ගන්න බැරුව යනවා. මේ වගේ මේ සංකීර්ණ ප‍්‍රශ්නයක්. ඒ සංකීර්ණ ප‍්‍රශ්නයට අපි පුළුල් විදිහට හිතලා විසඳුම් ගත යුතු බවට වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

No comments

Ads Place