Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුල්ලිවයික්කාල් සැමරුම්වලට එරෙහිව පොලීසියෙන් ඉල්ලූ තහනම් නියෝගය යාපනය අධිකරණයෙන් නොලැබේ..

  මුල්ලිවයික්කාල් යුද සැමරුම් යාපනයේදී සැමරීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට කෝපායි පොලීසිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා...


 මුල්ලිවයික්කාල් යුද සැමරුම් යාපනයේදී සැමරීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට කෝපායි පොලීසිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි තහනම් නියෝගය ලබා නොදීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් පියවර ගෙන ඇත.

කෝපායි පොලිසිය විසින් මුල්ලි වයික්කාල් යදසැමරුම් යාපනයේදී සැමරීමට සූදානම් සැකසහිත පිරිසක් ප්‍රමුක කරගනිමින් අදාල පිරිස් වලට මුල්ලිවයික්කාල් සැමරුම් සඳහා අවසර ලබා නොදෙන ලෙසට ඉල්ලා කෝපායි පොලීසිය විසින් මෙලෙස අධිකරණ තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය.

එහිදී යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් කෝපායි පොලීසිය වෙතට දැනුම් දී ඇත්තේ මුල්ලි වයිකාල් සැමරුම් යාපනයේදී සැමරෙන්නේනම් එම අවස්ථාවේදී නිරෝදායන නීති උල්ංඝනය කිරීමක් හෝ තහනම් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සාමාජිකයෙකු සිහිකොට සැමරීමක් සිදුකෙරෙන්නේනම් නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය පොලීසිය සතුව ඇති බැවින් එවන්නක් සිදුවන්නේනම් බී වාර්ථාවක් මගින් අධිකරණයට කරුනු ඉදිරිපත් කරන ලෙසටය.

මේ අතර මැයි 18 ඇතුලු සතියක කාලයක් මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම් මුලතිව්හි උත්සව නොපවත්වන ලෙසින් මුලතිව්හි පොලිස් ස්ථාන 07 ක් විසින් අධිකරණ තහනම් නියෝගයන් ලබා ගෙන ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ මුල්ලිවයික්කාල් යුද සැමරුම් මුල්ලිවයික්කාල් මුහුදු තීරය හෝ ස්මාර්කය අසල සිදුකිරීමට සූදානම්ව සිටි සැකසහිත පුද්ගලයින් 32 දෙනකුට එරෙහිව මෙලෙස අදාල පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝගයන් ලබා ගෙන ඇත.

මුලතිව්, මුල්ලියාවලෙයි, පුදුකුඩිඉරිප්පු, මාන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, මල්ලාවි ඇතුලු පොලිස් ස්ථාන මගින් මෙසේ අධිකරණ තහනම් නියෝගයන් ලබාගැනීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් යම් හෙයකින් අධිකරණ තහනම් නියෝගයන් නොසලකා යම් හෙයකින් අදාල පිරිස් මුල්ලවයික්කාල් යුද සැමරුම් සිදුකරනු ලබන්නේනම් එම පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය සූදානමින් සිටියි.

ඊට අමතරව මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ නිරෝධායන නීති කඩකරමින් තහනම් ත්‍රස්ත සංවිධානයක් හෝ ත්‍රස්ත සාමාජිකයින් සිහිපත් කොට සැමරීමක් යම්කිසි අයෙක් ක්‍රියාකරන්නේනම් එම පිරිස්ද අත්අඩංගුවට ගැනීම සඳහා යුදහමුදාව ඇතුලු පොලීසිය විසින් දැඩි සෝදිසියකින්ද සිටියි.

No comments

Ads Place