Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචරණ කඩාගෙන කොටි සමරන්න ආ සිවාජිලිංගම් පොලීසියෙන් පන්නා දමයි..

  උතුරු පලාත් හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් යාපනයේ යුදසැමරුමක් සඳහා ඊයේ (18) සවස ගමන්කරමින් සිටියදී සංචරණ නීති කඩකිරීම හේතුවෙන් පොලීසිය...

 


උතුරු පලාත් හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් යාපනයේ යුදසැමරුමක් සඳහා ඊයේ (18) සවස ගමන්කරමින් සිටියදී සංචරණ නීති කඩකිරීම හේතුවෙන් පොලීසිය විසින් අවවාද කොට ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇත.

යාපනය වීරසිංහම් ශාලාව අසලදී සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වාහනයකින් ගමන්කරමින් සිටියදී පොලීසිය විසින් නවතා නිරෝධායන නීතියට අනුව ජාතික හැඳුනුම්පත් අංකය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් මුලතිව් සිට නඩුවකට පෙනී සිට පැමිණෙන බවටත් සවස තම කාර්යාලය ඉදිරියේදී යුදසැමරුමකට සහභාගී වීමට නියමිත බවටත්ය.

නිරෝධායන නීතියට අනුව ඊයේ (18) දින නිවසෙන් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක්නම් පමණක් වුවුද හිටපු මන්ත්‍රීවරයාගේ ජාකික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංක්‍යාවක් බැවින් අදාල නිරෝධායන නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවට මන්ත්‍රීවරයාට දැනුම් දී අවවාද කොට ආපසු හරවා යැවීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

No comments

Ads Place