Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශපාලක හා ව්‍යාපාරික ඉල්ලීමෙන් දඹුල්ල ආර්ථිකය යලි විවෘතයි.. වැසුවේ කොරෝනා නිසා..

  කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරිණි. දඹුල්ල විශේෂිත ආර්ථ...

 


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරිණි.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා අද(05) සිට එය විවෘතව තැබෙන බවය.

ආර්ථිය විවෟත කිරිම දැඩි කොන්දේසි මත සිදුකල අතර ඒ පිලිබදව විවිධ මතිමතාන්තරද පැවැතුනි. ආර්ථිකයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් අධික්ෂණයට ආර්ථිකයේ ව්‍යාපාරික සංගම් මුදල් යොදා දමුල්ල නගර සභා සෞක්‍ය සේවකයින් යොදාගෙන ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩ පිලිවෙලක් සකසා ඇති බව කලමනාකරණ බාරය පවසයි.

මුල් දින කිපය මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් පමණක් එළවළු මිලදී ගැනීමට තීරණය කර ඇති අතර , සෙසු දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව කලමනාකරණ බාරය පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් , පසුගිය 26 වැනිදා පොහෝ නිවාඩුව සිට දින දෙකකට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුණි.

පසුව සිදුකල PCR පරික්ෂණ වලට සේවකයින් ව්‍යාපරිකයින් සම්බන්ධ නොවීම හා සිදුකල පරික්ෂණ වලින් රොගින් රැසක් හමු විම නිසා කොවිඩි කමිටුව දින නියමයකින් තොරව ආර්ථිකය වසා හුද කලා කරණ ලදි‍

ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් විසින් සිදු කල විවිධ ඉල්ලිම් හා රටේ ව්‍යාරික තත්වය සලකා නැවැත ආර්ථිකය විවෘතකල බව දඹුල්ල ආර්තිකයේ කළමනා කරණ කමිටුව පවසයි.

අද උදැසනද ආර්ථිකයේ වෙලදසැල් කීපයක් කොරොනා තතතවය මත තාවකාලිකව වසා දමා ඇති අතර ව්‍යාපර කටයුතු සිදුකරයි

No comments

Ads Place