Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදුනාගත් අයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ.. වෛරසය පාලනය අසීරුයි..- සුදර්ශනී

  මෙරට හඳුනාගෙන සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි යැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්...

 


මෙරට හඳුනාගෙන සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි යැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි ද ඇය කියා සිටියාය.

කොරෝනා පරීක්ෂණ සිදුකළ අය එම වාර්තා පැමිණෙන තුරු නිවසෙන් එලියට නොගොස් නිවසටම වී සිටින්නයි ද අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනතාව ඉදිරි සති දෙක තුනක කාලය අනවශ්‍ය ලෙස ගමන් බිමන් නොගොස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළහොත් වෛරස් ව්‍යාප්තිය පාලනය කළ හැකි වනු ඇති බවත් එසේ නොකළ හොත් වෛරසය වේගයෙන් පැතිර යාම පාලනය කිරීම අසීරු විය හැකි බවත් ඇය කියා සිටියාය.

මේ දිනවල සිදුකරන කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ඉහල හේතු නිසා එම වාර්තා ලැබීමේ යම් ප්‍රමාදයක් ඇති වන බවද ඇය තවදුරටත් පැවසුවාය.

No comments

Ads Place