Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

වෙලේ සුදාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඉල්ලා පෙත්සමක්

  මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී ඇති  විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගා...

 


මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී ඇති  විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත .


ඒ අනුව බන්ධනාගාරයේ සිටින තම පුතාගෙ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රජගල්ගොඩ ගමගේ මාලනි නැමැති දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .


තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මීට කිහිප දිනකට පෙර ඝාතනය කර ඇති බවත් ඒ අනුව තම පුතාගේ ජීවිතය පිළිබඳ බියක් තමාට ඇති බවත් පෙත්සම්කාරිය පෙත්සමින් පවසා සිටියි .

No comments

Ads Place