Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාව තරහ කර නොගත්තානම් කොරෝනා එන්නත ඉංදියාවෙන් ගන්න තිබුනා…

  ඉන්දියාව තරහා කර නොගෙන ඉන්දියාව සමග හොදින් හිටියානම් කොවිඞ් එන්නත ලංකාවට ලබා ගන්න තිබුනා’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්...


 ඉන්දියාව තරහා කර නොගෙන ඉන්දියාව සමග හොදින් හිටියානම් කොවිඞ් එන්නත ලංකාවට ලබා ගන්න තිබුනා’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනිතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ කල්තැබිමේ විවාදය සඳහා එක්වෙමින් ඔහු මෙසේද කියා සිටියේය.

‘බන්දුල ගුණවර්ධන මහතා අද කථාවේදි විපක්‍ෂයේ සහයෝගය ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව අපේ මන්ති‍්‍රවරුන්ට සලකන දිහා බැලූවාම අපිට ජනතාවගෙනුත් ප‍්‍රශ්ණ තිබෙනවා. ඇත්ත වශයෙන්ම අද රිෂාඞ් මන්ති‍්‍රතුමා හරියට විදුලි කොටනකොට එළියට දාන යකඩය වගේණි රටේ ප‍්‍රශ්ණ ඇතිවෙනකොට පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු සොයාගන්න බැරිවනකොටණි රිෂාඞ් මන්ති‍්‍රතුමා ඉස්සරහට දානවා. එතකොට හැමෝම කථාකරන්නේ රිෂාඞ් ගැන මෙහෙම දේවල් කරනකොට අපේ සහයෝගය දෙන්නේ කොහොමද?. අනෙක් කාරණය තමයි ආණ්ඩුව අපෙන් සහයෝගය ඉල්ලන්නේ ආණ්ඩුව හිරවුනාම, ඡුන්දයෙන් පස්සේ අපේ සහයෝගය ඉල්ලූවාද? එදා අත්නොමතික විදියට 20 වෙනි සංශෝධනය ගෙනාවා. අපේන වචනයක් ඇහැව්වාද? යහපාලන ආණ්ඩුව බලයට එනකොට අපිට 45 යි හිටියේ. නමුත් එදා විපක්‍ෂයේ සහයෝගය අරගෙන 19 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ. නමුත් වත්මන් රජය බලයට පත්වු දා සිටම හිතුවක්කාර විදියටයි වැඩ කරේ. ව්‍යවස්ථාව හදන්න තෙරිම්කාරක සභාවක් පත් කලේ නෑ. ආණ්ඩුවේ නායකයින්ගේ පෞද්ගලික නිතිඥ මහත්වරු දාලා ව්‍යවස්ථා හදනවා මේවා හරිද? මම බන්දුල ඇමතිතුමාට කියනවා විපක්‍ෂයේ අපේ සහයෝගය අවශ්‍යනම් පාර්ලිමේන්තුව ඇතුලේ තෙරිම්කාරක සභාවක් පත් කරලා අපෙන් හරි විදියට සහයෝගය ඉල්ලන්න. නැතුව අපි මේ දේශපාලන තින්දුවලට සහයෝගය දෙන්න සුදානම් නෑ.

අපේ නායකතුමා තමයි පාර්ලිමේන්තුවේ ඉස්සරවේලාම කොවිඞ් ගැන කථා කෙරුවේ. ජනවාරි 04, පෙබරවාරි 05 නමුත් එදා එතුමාට හිනා වුණා. ජනවාරි මාසයේ ගුවන්තොටුපලවල් වහපු රටවල් අද බේරිලා. නවසිලන්තය, තායිවානය වගේ රටවල්. නමුත් මැතිවරණය තියන්න ඕනි නිසා නාමයෝජනා කැදවනතුරු අපේ රට ඇරගෙන හිටියා. ගරු ජනාධිපතිතුමා මෙතන ඉන්නවාණි එතුමා කිව්වා කොවිඞ් රොගින් 27 ක් තියාගෙන ගුවන්තොටුපල වහන්න පුළුවන්ද කියලා. ඒක හරිද? මේවා දේශපාලන තින්දු එම නිසා අපි කියන්නේ සෞඛ්‍ය, වෘත්තිමය තින්දුවලට අපි සහයෝගය දෙනවා. නමුත් දේශපාලන තින්දුවලට අපි සහයෝගය දෙන්නේ නෑ. පිළියන්දලට මොකද උනේ? සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කිව්වා පිළියන්දල වහන්න කියලා. නමුත් කවුදෝ විවෘත කරලා. මේවා දේශපාලන තින්දු ගරු අගමැතිතුමනි, මහනුවර බෝගම්බර වහලා තිබ්බේ. බෝගම්බර දියුණු කරන්න අපි සැළසුම් හදලා තිබ්බේ. නමුත් අපි දන්නෙත් නෑ ලංකාවේ වටෙන්ම කොවිඞ් රෝගීන් 500 ක් එතනට ගෙනාවා එතකොට මහයියාව ප‍්‍රදේශයේ කම්කරුවන් යනවා බෝගම්බර සුද්ද පවිත‍්‍ර කරන්න ඒ හරහා මුළු නගරයටම කොවිඞ් රෝගය බෝ උනා. ඒ වගේම උඩුදුම්බර බඹරබැද්ද කියන ග‍්‍රාමය දුෂ්කර ගම්මානයක්. ඒ ගමේ කොවිඞ් රෝගින් 150 ක් ඉන්නවා. පවුල් 400 යි ඉන්නෙ බලන්න මේ තත්වය අපේ සහයෝගය දෙන්න සුදානම් නමුත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. මේ අපේ රට, අපිත් කැමතියි සහයෝගය දෙන්න අපේ දරුවොත් ජිවත් වෙන්නේ මේ රටේ. නැතිව අපේ දරුවෝ ඇමරිකාවේ පුරවැසිකම් අරගෙන නෑ.

ගරු අගමැතිතුමනි, ඔබතුමාලා මොකටද අපෙන් සහයෝගය ඉල්ලන්නේ? එන්නත ගේනවා කිව්වා ඒත් ගේන්න බැරි උනා. රජය අපිට කියන්න මොකටද අපේ සහයෝගය අවශ්‍ය.

බන්දුල ඇමතිතුමා ලොක් ඩවුන් ඒක ගැන කථා කෙරුවා. අපි රට ලොක් ඩවුන් කිරිම ඕනි කියන්නේ නෑ නමුත් ඒ අදහස අපේ ඔලූවේ තියා ගන්න ඔන. ඒක ප‍්‍රතික්‍ෂේප කරන්න බෑ රට ලොක් ඩවුන් කෙරුවොත් ආර්ථික ව්‍යසනයක් ඇතිවෙනවා කියන තර්කය මම පිලිගන්නවා. එහෙම නැත්නම් සෞඛ්‍ය ව්‍යසනයක් ඇතිවෙනවා. මොකක්ද අපි තොරගන්නේ. ආර්ථික ව්‍යසනයද? සෞඛ්‍ය ව්‍යසනයද?.

ගරු අග‍්‍රාමාත්‍යතුමා මෙතන ඉන්නවා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. එන්නත කෝ? ගරු කථානායකතුමනි, පවිත‍්‍රා ඇමතිතුමිය කියනවා එන්නත් ගෙන්විම පටන් ගන්නවා කියලා. දැන් අවුරුදු එක හාමාරක් වෙනවා මෙතුමිය මෙච්චර කල් මොකද කෙරුවේ? අන්න ඒ නිසයි අපි කියන්නේ වෘත්තීමය තින්දුවලට අපි සහයෝගය දෙන්න සුදානම්, නමුත් දේශපාලන තින්දුවලට අපි සහයෝගය ලබාදෙන්නේ නෑ. ඊශ‍්‍රායල් රටේ ජනතාවට කොවිඞ් එන්නත දෙගුණයක් ගෙවලා වෙන්කර ගත්තා. අද ඒ රටේ හැම පුරවැසියෙකුටම එන්නත් කරණය කරලා තියෙනවා. නමුත් අපේ රජය තාම එන්නත ඇණවුම් කරලාවත් නෑ. මම අභියෝග කරනවා පෙන්වන්න කොහෙන්ද ඇණවුම් කරලා තියෙන්නේ කියලා.

අද වන විට මහනුවර නගරයේ අහඹු පරික්‍ෂණ නවත්තලා. පේරාදෙණිය, මහනුවර රෝහල්වල ඔක්සිජන් තියෙනවා නමුත් ඒවාට අදාල උපකරණ නෑ. පාර්ලිමේන්තුවේ ආසන 148 ක් ගත්තු ආණ්ඩුව හිතුවා හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. විපක්‍ෂය ඕනි නෑ කියලා හිතුවා. නමුත් හිරවුනාමයි අපෙන් සහයෝගය ඉල්ලන්නේ.

දේශපාලන පළිගැනීම් කොමිටු පත් කෙරුවා, අපේ පක්‍ෂ නායකයන්ගේ ප‍්‍රජා අයිතිය නැතිකරන්න කුරුමානම් ඇල්ලූවා. මේ වගේ වැඩ මේ රජය කරන ගමන් අපෙන් සහයෝගය ඉල්ලනවා එතකොට කාර්්‍ය සාධක මණ්ඩලයක් පත්කෙරුවා. ඒකේ වෘත්තිකයන්ව කොන් කරලා. සුදර්ශණි ඇමතිතුමිය මාස 03 ක් තිස්සේ ලොක් ඩවුන් එකක් ගැන කථා කරනවා එහෙම නැත්නම් පලාත් වශයෙන් හරි ලොක් ඩවුන් කිරිමක් පිළිබඳව. මම කියන්නේ රටම ලොක් ඩවුන් කරන්න බැරිනම් පලාත් වශයෙන් හරි රෝගය පැතිරවිම වලක්වන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. ආණ්ඩුව ෙෆ්ල් ආණ්ඩුව මේක පිළිගන්න ඕන. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා පවා පිළිගෙන තියෙනවා එතුමා අසාර්ථක වුනා කියලා. ඉන්දියාවේ එන්නත හැදුවත් එන්නත ඉක්මනින් ජනතාවට දෙන්න එතුමාට බැරි උනා.

අනෙක් කාරණය තමා අපි අසල්වැසි ඉන්දියාවත් එක්ක ප‍්‍රශ්ණ ඇති කර ගත්තා. කොච්චර නෑ කිව්වත් ඉන්දියාවත් එක්ක ප‍්‍රශ්ණ තියෙනවා. ඩි.එස්. සේනානායක මැතිතුමාගේ කාලේ ඉදලා අපේ රටේ නායකයෝ හිටියා. නමුත් එකම නායකයෙකුවත් ලෝකයේ සුපිරි බලවතුන්ට අපේ රටේ බින්න බහින්න දුන්නේ නෑ. නමුත් අද අපි ඒකට ඉඩ දිලා තියෙනවා. කලාපීය බලවතා ඉන්දියාව චිනයට අපේ රටෙ බින්න බහින්න ¥න්නම ඉංදීයාව අපි එක්ක අමනාප වෙන්නේ නැද්ද?. ඇයි චීනයට ඉඩ දුන්නේ ලංකාවේ බින්න බහින්න?. අපි ගත්ත ණය ගෙවා ගන්න බැරි උනොත් වරාය නගරය චීනයට සින්න වෙනවා. එතකොට ඉන්දියාව අපිත් එක්ක අමනාප වෙන්නේ නැද්ද? ඉන්දියාවට පාකිස්ථානය, චීනය, නේපාලය වගේ රටවල් එක්ක ප‍්‍රශ්ණ තියෙනවා. නමුත් දකුණෙන් ඉන්න අපෙන් පමණයි ඉන්දියාවට ප‍්‍රශ්ණයක් තිබ්බේ නැත්තේ. දැන් අපි ඒක ඇති කෙරුවා. අපි ඉන්දියාව සමග හොදින් හිටියානම් එන්නත ලබාගන්න තිබුණා. අගමැතිතුමාට අපි කියන්න කැමතියි විද්වත් ක‍්‍රමවේදයකට, හරි ක‍්‍රමයකට අපෙ සහයොගය ඉල්ලන්න. නමුත් අපිව බය කරලා, දේශපාලන පලිගැනිම් දාලා, කොමිෂන් දාලා සහයෝගය දිම ප‍්‍රශ්නගත තත්වයකට අද පත්වෙලා තිබෙනවා.

ගරු කථානායකතුමනි, කොවිඞ් කාර්්‍ය සාධක බලකාය බලන්න, දොස්තරවරු කොන් කරලා. දොස්තරවරු මුල්ලක ඉදන් වැඩ කරන්නේ කොහොමද?. මේ ප‍්‍රශ්නවලට ඔලුවෙන් උත්තර දෙන්න ඕනේ?. මස් පිඩුවලින් උත්තර දෙන්න බෑ. අපි අගමැතිතුමාට කියනවා, ඨඵධ්, වෘත්තීකයන්, ඒ අයගෙන් උපදෙස් ගන්න අපි වෛද්‍ය ක්‍ෂේත‍්‍රය සමග වැඩකරන්න සූදානම් බව කියමින් මම නිහඩ වෙනවා.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place