Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුනිසෙෆ් ප්‍රධානියාගෙන් අයාචනයක්

කිසිදු අවස්ථාවක ළමුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානී ⁣හෙන්රිටිටා ෆොරේ අයාච...


කිසිදු අවස්ථාවක ළමුන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධානී ⁣හෙන්රිටිටා ෆොරේ අයාචනයක් ඉදිරිපත් කර තිබේ.


ඇය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ පාසලක් අසල සිදූවූ ⁣⁣බෝම්බ පිපිරීමකින් පාසල් දරැදැරියන් පනහකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක්වීමෙන් අනතුරැවයි.


අදාළ ⁣බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් අසූවකට ආසන්න පිරිසක් මියගොස් එකසිය හැත්තෑවකට ආසන්න පිරිසක් තුවාල ලැබීය.


මියගිය හා තුවාල ලැබූවන් අතරින් බහුතරය පාසල් සිසුවියන් බව වාර්තා වේ.


මේ පිලිබද සිය කණගාටුව පළ කරමින් නිවේ්දනයක් නිකුත් කරන යුනි⁣සෙෆ් ප්‍රධානියා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ළමුන්ට එරෙහි මෙවැනි ක්‍රියාකාරකම් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට මෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතියටද පටහැනි බවයි.


බටහිර කාබුල්හි හසාරා ප්‍රජාවේ පාසලක් ඉදිරිපිට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් විසින් භාර ගෙන නොමැති බව ඇෆ්ගනිස්තාන රජය ප්‍රකාශ කර තිබේ.

No comments

Ads Place