Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු...


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි  අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.


නැගෙනහිර පළාතේ සහ මුලතිව් හා හම්බන්තොට දිස්ත්‍රික්කවල අද උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.


ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

No comments

Ads Place