Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානිය රටින් පැන ගිහින්..

  ජනාධිපති කාර්්‍ය සාධක බලකායේ ප‍්‍රධානියා පෙරේදා පාන්දරම රට දාලා ගියා. රටටම සංචරණ සීමා පනවලා තිබියදි ආණ්ඩුවේ පාලකයන් රටේ ජනතාවට ලබාදෙන ආදර්...

 


ජනාධිපති කාර්්‍ය සාධක බලකායේ ප‍්‍රධානියා පෙරේදා පාන්දරම රට දාලා ගියා. රටටම සංචරණ සීමා පනවලා තිබියදි ආණ්ඩුවේ පාලකයන් රටේ ජනතාවට ලබාදෙන ආදර්ශය මෙකද’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනිතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රශ්ණ කරයි.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

රටේ කොරෝනා දවසින් දවස උත්සන්න වෙනවා. අවශ්‍ය පියවර ගත්තේ නැත්නම් ඉන්දියාව මුහුණපාන තත්වයකට අපේ රට මුහුණු දෙන්න වෙන බව විශේෂඥයින් පවසා තිබෙනවා. අද වන විට ඉන්දියාවේ ගංගානම් ගෙඟ් මළමිනි පා වෙනවා. මලමිනි ගොඩට ගන්න දැල් දාන්න වෙලා තිබෙනවා. එවැනි තත්වයක් අපේ රටට නොවේවා යැයි අපි ප‍්‍රාර්ථනා කරනවා. අපි ජිවත් වෙන්නේ මේ රටේ. අපි රටට ආදරය කරනවා. එම නිසා රජයට සහයෝගය ලබාදෙන්න අපි සුදානම් නමුත් රජය අපි කියන දේ අහන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? මුලදිම මුලූ රටටම කොවිඞ් පිළිබද අනතරු ඇගවුයේ විපක්‍ෂනායක සජිත් පේ්‍්‍රමදාස මැතිතුමා. නමුත් ආණ්ඩුව එදා ඒවා ඇහැව්වේ නෑ. සමච්චලයට ලක් කලා.

අපි රජයට කියනවා මේ කොරෝනා ප‍්‍රශ්ණයෙන් බේරෙන්න තියෙන ඉක්මන් විසදුම තමා එන්නත් කරණය එයයි අත්‍යාවශ්‍ය. රජය එන්නත් කරණය ප‍්‍ර‍්‍රමාද කරලා තිබෙනවා. උනන්දුවක් දැක්වුයේ නෑ. ආණ්ඩුව මුට්ටි දාලා පැණි බීලා, තොයිල් නැටුවා. පාර්ලිමේන්තවේ කථානායකත් බිව්වා. මොකක්ද රටට දුන්නු ආදර්ශය. අතීතය ගැන ඕනවට වඩා කථා කල යුතු නෑ නමුත් අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. අපි රජයට කියනවා වහාම එන්නත් කරණය කරන්න මොකද රජය තාමත් එන්නත් මිළදි ගත්තේ ලක්‍ෂ 05 යි. ලක්‍ෂ 09 ක් පමණ ආධාර වශයෙන් ලැබුණා. ඇත්තටම රජයට එන්නත් මිළදී ගන්න මුදල් නෑ.පොහොර සහනාධාරයට වුනෙත් ඔකමයි. එම නිසා අපි කියනවා රජයට මේ වැඬේ හරියට කරන්න බැරිනම් නිසි ක‍්‍රමවේදයකට රජයේ පුර්න අධික්ශනය යටතේණිඅසිමිත ලාබ ලබන්නට නොදිණිරජයේ පාලනය යටතේ පෞද්ගලික අංශය හරහා හෝ මේ එන්නත් රටට ගෙන්වන්න.

පසුගිය පෙබරවාරි මාසයේ ජනාධිපතිතුමා ආවා මීමුරෙට. ඒ ජනතාව කිව්වා අපිට ඡුක්‍ඍ යන්ත‍්‍රයක් ලබාදෙන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කිව්වේ ඡුක්‍ඍ අවශ්‍ය නෑ, එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා කියලා. මාස 03 වෙනවා. මහනුවර දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය ජනතාවට එන්නත් තාම ලැබිලා නෑ. මුලූ මධ්‍යම පලාතටම PCR යන්ත‍්‍රයක් තිබෙන්නේ මහනුවර රෝහලේ පමණයි. මේ අරමුදල්වලට මොනවද කෙරුවේ? ඒ නිසා නැවතත් රජයට කියනවා එන්නත් කරණය සාර්ථකව කෙරුවොත් පමණයි අපේ ජනතාවට ගැලවීමක් තියෙන්නේ.

කොවිඞ් අර්බුදයට මුහුණ දෙන්න කාර්්‍ය සාධක බලකායක් නිර්මාණය කෙරුවා, එකේ ප‍්‍රධානියා පෙරේදා පාන්දරම රට දාලා ගියා. පාලකයෝ දෙන ආදර්ශය මේකද? අසනීපයකට බෙහෙත් ගන්න ගියා කියනවා. නමුත් ලංකාවේ වෛද්‍යවරු නැද්ද? එදා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණ වේලාවේ එවකට රජයෙන් සුදානම් කලා එතුමා ඇමරිකාවට ගෙනිහිල්ලා ප‍්‍රතිකාර කරන්න. නමුත් එතුමා කිව්වා ලංකාවේ වෛද්‍යවරු පිළිබද විශ්වාසයි කියලා. යුද්ධයේ උච්චතම අවස්ථාවකත් ද්‍රවිඩ වෛද්‍යවරයෙකු තමා එතුමාට ප‍්‍රථිකාර කෙරුවේ. පාලකයෝ හැටියට අපේ රටේ වෛද්‍යවරු පිළිබද විශ්වාසයක් නැතිනම් අපි කොහොමද අපේ රට පාලනය කරන්නේ? රජයේ අලූත්ම තර්කය තමයි ජනතාවට දොස් පැවරිම. විනය ගැන කථා කරනවා, නමුත් මම අහනවා විනය ගැන රජය ආදර්ශයක් දෙන්න ඕන. රටේ ඇතුලේ සංචරණ සීමා පනවලා, කොව්ඞ් කාර්්‍ය සාධක මණ්ඩලයේ ප‍්‍රධානියා රට අත්හරලත් ගියා. මේකද විනය?.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා එන්නත් කවලම් කරලා පාවිච්චි කරන්න පුළුවන් කියලා, නමුත් වෛද්‍ය සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ මැතිනිය කිව්වා එය අවදානම් කියලා. අපි එතුමියගේ උපදෙස් පිළිගන්න සූදානම් මොකද එතුමිය වෛද්‍යවරියක්, එතුමිය රට වහන්න කියලා විශාල සටනක් කලා නමුත් එතුමියට එය කරන්න ඉඩ දුන්නේ නෑ. වෘත්තීමට තින්දුවලට අපි සහයෝගය දෙනවා නමුත් දේශපාලන තින්දුවලට සහයෝගය දෙන්නේ නෑ. මේ අය අද රට බේරා ගැනිම පැත්තක තියලා ආණ්ඩුව බේරගන්න කටයුතු කරනවා. ඒ නිසා අපි කියන්නේ අපි දෙන උපදෙස් කි‍්‍රයාත්මක කරන්න කියලා.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place