Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහි පලාතෙන් කොවිඩ් ආසාදිතයින් දහසක් වාර්තා වෙයි : සෞඛ්‍ය උපදෙස් නොතැකු නුවරඑළියේ කොරෝනා අවදානම ඉහළට

  දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1,891ක් ලෙසින්. ගතවූ දින 07ක කාලය ...

 


දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1,891ක් ලෙසින්. ගතවූ දින 07ක කාලය තුළදී වාර්තා වු ආසාදිතයින් 10,374ක්.


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 387 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. පිළියන්දල 81, පාදුක්ක 25, වැල්ලම්පිටිය 23, මොරටුව 17, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයින් 64ක් වාර්තා වී ඇත.


මේ අතර ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර - දකුණ 58, බදුරලිය 41, කළුතර 39, බේරුවල 31, මතුගම සහ පානදුර - උතුර ආසාදිතයින් 19 දෙනා බැගින් සහ බණ්ඩාරගම ආසාදිතයින් 18ක් වාර්තා වී ඇත.


ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 297 දෙනෙක් හඳුනා ගෙන ඇත. සීදුව 52, නිට්ටඹුව 49, මිනුවන්ගොඩ 30, මීරිගම 38, දිවුලපිටිය 23, වේයන්ගොඩ 21 සහ බියගම 18ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


ඊයේ දිනයේදී කුරුණෑගල 51ක්, ගාල්ල 80, මොණරාගල 44, මාතර 17, කෑගල්ල 47, බදුල්ල 35, අම්පාර 07, අනුරාධපුර 71ක්, ත්‍රිකුණාමලය 45, වව්නියාව 03, මහනුවර 66, නුවරඑළිය 102, රතන්පුර 70, පුත්තලම 88, යාපනය 05, මාතලේ 22, පොළොන්නරුව 19, කිලිනොච්චිය 14, මඩකළපුව 02, හම්බන්තොට 35, මුලතිව් 06 සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.


මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගොස් ඇත.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 111,753ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 13,824ක්. සුවය ලද පිරිස 97,242ක්.

No comments

Ads Place