Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරණ ලිහිලෙන් වෙලදුන් ගිණි ගනනට විකුණා පාරිභෝගිකයන් සූරාකයි… අධිකාරියට චෝදනා…

  පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය යෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. මේජර් ජනරාල් ශාන...


 පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය යෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා,
සභාපති,
පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය,
පාරිභෝගික කටයුතු අධිකාරිය,
කොළඔ 02.

සභාපතිතුමනි,

මාධ්‍යට කයිවාරු ගැසීම නවතා පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස නිළධාරීන්ට දැනුම් දෙන්න.

සංචාරණ සීමා ලිහිල් කල පසුගිය 25 වන දින පාරිභෝගිකයින් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා වෙළදසැල් වෙත ගිය අතර එහිදී වෙළදසැල් හිමියන් විසින් පාරිභෝගිකයින් ගසාකෑ අන්දම අප සංවිධානයට වාර්තා විය. පාරිභෝගිකයාගේ ආදායම අඩුවී ඇති මෙම අවස්ථාවේ අතේ ඇති මුදලට වැඩියෙන් භාණ්ඩ මිලදී ගැනීම පාරිභෝගිකයාගේ අරමුණවුවද එම අවස්ථාවේ පවතින නීති රීති උල්ලංඝණය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළදසැල් හිමියන් විසින් භාණ්ඩ අලෙවිකලද ඔබ අධිකාරියේ නිළධාරීන් විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවට අපට වාර්තා නොවීය.

වෙළදසැල් ඉදිරිපිට දිගුවේලාවක් පෝලිමේ රැදී සිටින පාරිභෝගිකයින් වෙළදසැල වෙත ගිය පසු කුමන මිලකට හෝ භාණ්ඩ මිලදී ගැනීම සිදුකරන්නේ වෙනත් විකල්පයක් නොමැති බැවිනි. එම අවස්ථාවේ වෙළදසැල් හිමියා විසින් පාරිභෝගිකයා ගසාකයි නම් එහි වගකීම ඔබ ඇතුලු පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් විසින් දැරිය යුතුය. විශේෂයෙන්ම ඔබ අධිකාරියේ නිළධාරීන්ගෙන් පාරිභෝගිකයින් ලෙස අප බලාපොරොත්තු වන්නේ මාධ්‍යයට කයිවාරු ගැසීමට වඩා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත උල්ංඝණය කරමින් පාරිභෝගිකයා ගසා කන වෙළදසැල් හිමියන්ට විරුද්ධව කටයුතු කිරීමයි. කෙසේ වෙතත් එදින සමහර භාණ්ඩවල පාලන මිල ඉක්මවා වෙළදසැල් හිමයන් විසින් පාරිභෝගිකයින් වෙත භාණ්ඩ අලෙවි කල අතර බොහෝ වෙළදසැල් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශණය කර නොතිබුණි.

ඔබ හා ඔබ ආයතනයේ නිළධාරීන් නඩත්තු වන්නේ මහජනතාවගේ මුදලින් බව අප අවධාරණය කරන අතර සංචරණ සීමා ඉවත් කරනු ලබන ඉදිරි දිනවල වෙළද සැල් හිමියන්ට පාරිභෝගිකයින් ගසා කෑමට ඉඩ නොතබන ලෙසත් පාරිභෝගිකයා භාණඩ මිලදී ගෙන රැගෙන යන්නේ විල් බැරෝවෙන්ද වාහනයේද යන්නට වඩා අපට වැදගත් වන්නේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවද ඔබතුමාට කරුණාවෙන් දැනුම්දෙමි.

ස්තුතියි

මෙයට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

No comments

Ads Place