Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට මිලියනයකට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව දෙයි

  මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද...

 


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.


සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනුව මේ වන විට පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂ අනූදහස් පන්සිය විසි එකක්. ඉන් අනූ දෙදහස් නවසිය විසිහත් දෙනෙකුම එන්නත් කර ඇත්තේ ඊයේ දිනය තුලයි.


මේ වනවිට දෙවන මාත්‍රාව ද ලබා දී සම්පූර්ණ එන්නතම ලබා දී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ තිස්තුන්දහස් නවසිය අනූ දෙකක්.


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත, සයිනෝෆාම් සහ ස්පුට්නික් ෆයිව් යන එන්නත් ලබාදීම සිදුකර තිබෙනවා.


මෙරටට ලැබුණු ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා සියල්ල මේ වන විට එන්නත් කර අවසන් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.


මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ ඉකුත් ජනවාරි 29 වනදායි.


ඒ යටතේ මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ විසිපන්දහස් දෙසිය හතලිස් දෙදෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දි ඇති සංඛ්‍යාව දෙලක්ෂ තිස්එක්දහස් පන්සිය පනස් හතක්.


සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ දක්වා පුද්ගලයින් එක් ලක්ෂ පනස්දහස් හයසිය හය දෙනෙකුට ලබා දී තිබෙනවා. ඉන් හැත්තෑ නව දහස් හාරසිය තුන් දෙනෙකුම එන්නත් කර ඇත්තේ ඊයේ දිනයේයි.


මෙරටට චීනයෙන් ලැබුනු සයිනොෆාම් එන්නත පළමුව ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයින්ටයි. සයිනොෆාම් එන්නත මෙරට භාවිතය ආරම්භ කෙරුනේ ඉකුත් අප්‍රේල් දෙවනදායි.


ඒ අනුව මේ වන විට එහි පළමු මාත්‍රාව චීන ජාතිකයින් 2,865 දෙනෙකුටද, දෙවන මාත්‍රාව චීන ජාතිකයින් 2,435 දෙනෙකුටද ලබා දී තිබෙනවා.


ස්පුට්නික් ෆයිව් එන්නත පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.


මේ අතර අද දිනයේ ද බස්නාහිර පළාතේ ස්ථාන 95 කදී එන්නත් කිරීම සිදුවනවා. ඒ, කොළඹ 30 ක්, ගම්පහ 40 ක් සහ කළුතර 25 ක් වශයෙන්.

No comments

Ads Place