Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල් මිල දෙගුණ වීම අබියස…

  නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබා නොදීමත් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමත් හේතුවෙන් ඉදිරියේදී සහල් සහ එළවළු මිල ඉතා ශීඝ‍්‍ර‍්‍ර ලෙස ඉහළ යෑම...

 


නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබා නොදීමත් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමත් හේතුවෙන් ඉදිරියේදී සහල් සහ එළවළු මිල ඉතා ශීඝ‍්‍ර‍්‍ර ලෙස ඉහළ යෑම වැළැක්විය නොහැකියි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගොවීන් වගා කටයුතු වල යෙදීම තරමක් අඩු වී තිබෙන බවත් හදිසියේම රසායනික පොහොර නැවැත්වීමට රජය ගත් තීරණයත් හේතුවෙන් රටේ සමස්ත ගොවි නිෂ්පාදන අඩු වන බව ද කරුණාරත්න මහතා පැවසීය.

එසේම රටේ මේ වන විට ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇත්තේ වී මෙටි‍්‍රක් ටොන් 50,000 ක පමණ ප‍්‍රමාණයක් බවත් අන් සියලූම වී තොග ලබාගෙන ඇත්තේ පුද්ගලික වී මෝල් හිමියන් විසින් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා සම්පූර්ණයෙන්ම ඉදිරියේ දී වෙළඳ ඒකාධිකාරිය පවත්වාගෙන යනු ලබන්නේ පුද්ගලික අංශය වන බවත් එහිදී සහල් මිල පාලනය කිරීමට රජයට අසීරු වන බවත් සඳහන් කළ නාමල් කරුණාරත්න මහතා එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනට වෙළෙඳ පොළේ පවතින සහල් මිල ඉදිරියේදී දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයිද අනතුරු ඇඟවූයේය.

No comments

Ads Place