Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆෙස්බුක් ඔස්සේ බොරු පැතිරූ සහකාර ඉඩම් කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට..

  ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මා...

 


ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකු වන බවයි.

සැකකරු විසින් භාවිත කළ ‌ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේ කැලෑ හෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප එහි තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී පුද්ගලික ඉඩම් හෙළි කිරීම් අවස්ථාවල දී ගත් ඡායාරූප බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

එම ඡායාරූප ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තර හෙළි කරන බව සඳහන් කරමින් සැකකරු විසින් සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කර ඇත.

No comments

Ads Place