Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් ග්‍රාම නිලධාරි වසම් 70 ක් හුදකලා කෙරේ

  දිස්ත්‍රික්ක 10 කට ග්‍රාම නිලධාරී වසම් 70 ක් අද පෙරවරුවේ සිට හුදකලා කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම...

 


දිස්ත්‍රික්ක 10 කට ග්‍රාම නිලධාරී වසම් 70 ක් අද පෙරවරුවේ සිට හුදකලා කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 24 ක් අද පෙරවරුවේ හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.


එමෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 12 ක් ද අද පෙරවරුවේ සිට හුදකලා කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක්, බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් සහ හැටන් පොලිස් බලප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරී වසමක්ද අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා. 


මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදියතයින් 2,275 ක් වාර්තා වුණා. එමෙන්ම ඊයේ දිනය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 21 ක් වාර්තා වූ බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

No comments

Ads Place