Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නීති කඩා බම්බලපිටියේ සුපිරි සාදයක්.. පොලිසිය පනී… නිරූපණ ශිල්පිනියන් 7ක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට…

නිරෝධා යන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය සුරූපී නි...



නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය සුරූපී නිරූපණ ශිල්පිනියන් හත්දෙනකු ඇතුළු 25 දෙනකු 3 දා රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම සුපිරි සාදයට පැමිණ නිරෝධයන නීති උල්ලංඝනය කළ සුරූපිනියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි විය.

කොරෝනා වෛරසය තදින් කි‍්‍රයාත්මක වෙමින් පැවතීම නිසා රාති‍්‍ර සමාජ ශාලා, පි‍්‍රය සම්භාෂණ උත්සව ඇතුළු සියලූම සාද නතර කරන ලෙස පොලිසිය උපදෙස් දී තිබිණි.

පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙන සාද උත්සව සමාජ ශාලා වැටලීමේ මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරගෙන යන බව මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

No comments

Ads Place