Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවේ 4 න් 3 ක් වසා දැමීමට සෞඛ්‍ය නිර්දේශ

 මේවනවිට ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතරෙන් තුනකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇතැයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය...


 මේවනවිට ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතරෙන් තුනකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇතැයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ප්‍රධානී බල්රාම් භාර්ගවා පවසනවා.


ඒ අනුව එලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන සියලු දිස්ත්‍රික්ක වහාම අගුලු දැමීමකට ලක් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.


දිස්ත්‍රික්ක එලෙස වසා දමනවා නම් ඒ සති 06 කට හෝ 08 ක කාලසීමාවකට යටත්ව සිදුකළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.


කොරෝනා වෛරසයයේ ව්‍යාප්තිය හමුවේ දරුණු තත්ත්වයකට මුහුණ පා ඇති ඉන්දියාවෙන් වැඩි කොටසක් වසා දැමිම යුතු බවට ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින්ම පැවසූ පළමු අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


කෙසේවෙතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රජය සමස්ථ ඉන්දියාවම වසා දැමීම මේවනතුරු ප්‍රතික්ෂේප කර තිබෙනවා.


ඒ එලෙස රටම අගුළු දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වන බව පවසමින්. කෙසේවෙතත් පවතින තත්ත්වය අනුව අගුළු දමනවාද නැතහොත් සංචරණ සීමා පනවාද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල ප්‍රාන්ත රජයන්ට පැවරීමටයි මෝදි රජය පියවර ගෙන ඇත්තේ.  


කෙසේවෙතත් ඉන්දියාව තුළ මේවනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්යට හමුවේ රටින් වැඩි කොටසක් සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි.


ගතවූ පැය 24 දී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 62000 ක් වාර්තා වුණා. එම කාලය තුලදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4120 ක්.

No comments

Ads Place