Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද මරණ 34ක් : කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවයි

  මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 34ක් වාර්තා වීමත් සමගයි. දිනක් තුළ වාර්තා වූ වැඩ...

 


මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 34ක් වාර්තා වීමත් සමගයි. දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙය වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් ඇත. 


එමෙන්ම අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2,518ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 147,720ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 121,145ක් වනවා.


දැනට මෙරටින් වාර්තා වන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,560ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

No comments

Ads Place