Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිමිකරුවන් නැතත් ෆේස්බුක් ගිණුම් ලක්‍ෂ 20ක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලයක් නෑ…

  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුව...


 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූ බව (07) මාධ්‍ය ඔස්සේ වාර්තාකොට තිබිණි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු.

තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීමට විවිධ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

No comments

Ads Place