Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිස්ත්‍රික්ක 10ක් තුළ ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක්

  ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,429 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරි...

 


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,429 දෙනා ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.


ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 413 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පිළියන්දල 146ක්, නාරාහේන්පිට 24, අවිස්සාවේල්ල 15, කොට්ටාව 13, ගල්කිස්ස 16, තලංගම 19ක් ලෙස වාර්තා වී තිබෙනවා.


මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පානදුර - දකුණ 88ක්, බදුරලිය 44ක්, පානදුර - උතුර 20ක්, වාද්දුව 23ක්, අගලවත්ත 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. 


මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 332 දෙනෙකු වාර්තා වී ඇ8. බියගම 87ක්, කටුනායක 39ක්, කැළණිය 30ක්, මීරිගම 19ක්, මීගමුව සහ රඳාවාන ආසාදිතයින් 18 දෙනා බැගින්.


ඊයේ දිනයේදී වාර්තා වී ඇති පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 136 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අඹන්පොළ 24ක්, දුම්මලසුරිය සහ ගොකරැල්ල ආසාදිතයින් 17 ගෙනා බැගින්, කුරුණෑගල 15ක් සහ නිකවැරටිය 13ක් ලෙස වාර්තා වී ඇත.


ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වී තිබෙනවා. හබරාදුව 26ක්, යක්කලමුල්ල 12ක්. 


මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 140 දෙනෙකු වාර්තා වී ඇත. වැලිගම 52ක්, අකුරැස්ස 28ක් සහ මාතර 15ක් ලෙස වාර්තා වී ඇත.


බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. ඇල්ල 36ක්, දියතලාව 29ක්, හපුතෙල් 35ක් සහ මහියංගණය 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.


මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 123 දෙනෙකු වාර්තා වී තිබෙනවා. තෙල්දෙණිය 28ක්, වත්තේගම 17ක් සහ මැණික්හින්න ප්‍රදේශයෙන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත. 


මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක්, පුත්තලම 119ක්, කෑගල්ල 09, අම්පාර 71ක්, අනුරාධපුර 24ක්, ත්‍රිකුණාමලය 41ක්, වව්නියාව 08, මුලතිව් 01, නුවරඑළිය 29ක්, රත්නපුර 78ක්, යාපනය 34ක්, කිලිනොච්චිය 08ක්, පොළොන්නරුව 11ක්, හම්බන්තොට 41ක්, මොණරාගල 16ක්, මඩකලපුව 15ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 43 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

No comments

Ads Place