Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“මගේ දරු පැටියා බේරගන්න උදව් කරන්න” දරුවා සමඟ තනිවූ අසරණ මවක් ඔබෙන් කරන සංවේදී ඉල්ලීම! [VIDEO]

  මාතලේ ප්‍රදේශයේ ජීවත්වන මවක් සිය 9 හැවිරිදි දරුවාට වැළදී ඇති තැලසීමියාව රෝගය සුව කරගැනීම සඳහා සිදු කරන්නට නියමිත ඇට මිදුළු බද්ධ කිරීමේ සැත...

 


මාතලේ ප්‍රදේශයේ ජීවත්වන මවක් සිය 9 හැවිරිදි දරුවාට වැළදී ඇති තැලසීමියාව රෝගය සුව කරගැනීම සඳහා සිදු කරන්නට නියමිත ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා ඔබගේ ආධාර පතනවා, දරුවාගේ පියා දරුවා කුඩා කාලයේදීම පවුල හැරගොස් ඇති අතර මාතලේ ක්‍රිස්තුරාජ විදුහලේ ගුරුවරියක් වන මව තනිවම මේ දක්වා දරුවා රැකබලා ගනිමින් අවශ්‍ය වෛද්‍ය උපකාර සඳහා යොමු කරගනිමින් ඉතා අසරණ තත්වයක පසුවනවා.


අදාළ සැත්කම සඳහා ලක්ෂ 70ක ඇස්තමේන්තුවක් ලබාදී ඇති අතර අදාළ සැත්කමෙන් පසු ප්‍රතිකාර සඳහා ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවයි මව පවසන්නේ. මේ වනවිට ලක්ෂ 15ක මුදලක් පමණක් බොහෝ අමාරුවෙන් සොයාගෙන ඇති අතර මව දරුවා වෙනුවෙන් ආධාර ඉල්ලා යාමේදී සමහර පුද්ගලයින් අයුතු යෝජනා පවා පැමිණෙන තරමට සමාජය පිරිහී ඇති සිදුවීම් සම්බන්ධයෙන්ද ඇය ඉතා කලකිරීමෙන් අදහස් පල කර සිටියා.

මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අදාළ සැත්කම සාර්ථක කරගැනීම පිණිස රෝගී දරුවකු සමඟ තනිවූ මවක් කරන මේ සංවේදී ඉල්ලීමට සවන් දෙමින් ඔබටත් හැකි අයුරින් උදව්වක් උපකාරයක් කල හැකිනම් පහත දැක්වෙන බැංකු ගිණුම හරහා ඔබේ ආධාර ලබා දීමට හැකියාව තිබෙනවා.


Name : Lisath Chathmin Nanayakkara

Bank : Peoples Bank

AC Number : 002200170076248

Branch : Matale

Branch Code : 002

Bank Code : 7135

Swift code : PSBKLKLX



noizetv

No comments

Ads Place