Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IDH, හෝමගම රෝහල් තරුණ කොරෝනා රෝගීන්ගෙන් පිරී අවසන්.. ICU තවත් ඉඩ නෑ…

  අයි.ඩී.එච්. රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ අද වන විට කොරෝනා ආසාදිතයන්ට වෙන්කර තිබූ සියලු වාට්ටු පිරී ගොස් තිබේ. අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ...


 අයි.ඩී.එච්. රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ අද වන විට කොරෝනා ආසාදිතයන්ට වෙන්කර තිබූ සියලු වාට්ටු පිරී ගොස් තිබේ.

අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සියළුම ඇඳන් අද පස්වරුව වන විට පිරී ගොස් තිබින.

හෝමාගම මූලික රෝහලේද කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද සියළු වාට්ටු පිරී ගොස් ඇත.

රෝහල් අධිකාරිවරයා සඳහන් කරන්නේ රෝහලේ තවත් ඒකක දෙකක් කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට තීරණය කළ බවයි.

මෙවර වාර්තා වන රෝගීන් වැඩි වශයෙන් තරුණ රෝගීන් මෙන්ම විශාල වශයෙන් සංකූලතා රහිත රෝගීන් බවද ඔහු සඳහන් කළේය.

ආසාදිතයන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත්වීම ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

මෙය ඉතා බරපතළ තත්ත්වයක් යයිද පැවසූ ඔහු ජනතාව මෙය තේරුම් ගෙන විශාල වශයෙන් සංචාරණ සීමා කල යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

No comments

Ads Place