Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි මැයි දිනය සමරනවා.. අපිව නවත්වන්න බෑ..- කොරෝනා නොතකා ජවිපෙ නායක

  මැයි දිනයේ වැළැක්වීමට ආණ්ඩුව දරන සටකපට උත්සාහයට එකඟ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. තම පක්ෂය අනිවාර්යෙන්ම මැයි දිනය පවත්වන බව එම ...

 


මැයි දිනයේ වැළැක්වීමට ආණ්ඩුව දරන සටකපට උත්සාහයට එකඟ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

තම පක්ෂය අනිවාර්යෙන්ම මැයි දිනය පවත්වන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.

මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් මෙරට තිබූ බවත් එම ඉතිහාසයෙදිද වැඩකරන ජනතාව මැයි දිනය පැවැත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

මැයි දින රැලි නොපැවැත්වීමට සියලුම පක්ෂය තීරණය කලේ යයි වන ප්‍රකාශය අසත්‍ය මෙන්ම සටකපට එකක් බවද පැවසූ මෙවන් තිරණයකට ආණ්ඩුව එළැඹියේ සෞඛ්‍යය ප්‍රශ්නයකට නොව ආණ්ඩුවේ අසමගිය එළියට එන නිසා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලය දී පැවති මාධ්‍ය හමුවකදීය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් ඇති නිසා මහජන ක්‍රියාකාරකම් අවම කිරීම යටතේ මෙවර මැයි දිනය සියලු ක්‍රියාකාරකම් නැවැත්වීමට සහ වෙසක් සමයේ මහජන ඒකරාශී නැවැත්වීමට ද රජය තීරණය කර තිබේ.

lankacnews

No comments

Ads Place