Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තම පියාට පහරදුන් දියණියට සහ මිනිපිරියට අධිකරණයෙන් ඇප නියමවෙයි

  නාරාහේන්පිට දාබරේ මාවතේදී සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුද...

 


නාරාහේන්පිට දාබරේ මාවතේදී සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැර තිබෙනවා. ඒ, ඔවුන් අලූත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


මෙම කාන්තාව සහ ඇගේ දියණිය, වයෝවෘද්ධ පියාට පහර දෙන වීඩියෝවක් සමාජය මාධ්‍ය ඔස්සේද හුවමාරු වුණා. පහර කෑ පියා පසුව ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුට සිය දියණිය හා මිණිබිරිය එලෙස පහරදී තිබුණේ සිය නිවස ඉදිරිපිටදීයි. මෙම මෙම වයෝවෘද්ධ පියා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය එකම නිවසේ වෙන් වෙන්ව දිවිගෙවන බවයි පොලීසිය පැවසුවේ.


පියා සමග ඇති වු ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කළ බව අත්අඩංගුවට ගැනුනු කාන්තාව සහ ඇගේ දියණිය පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර තිබෙනවා.

No comments

Ads Place