Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විකිරණශීලි නෞකාවේ මෙරට නියෝජිතයාට වැඩ වරදින ලකුණු

 හම්බන්තොට වරායට පැමිණි නෞකාවේ තිබී ඇත්තේ න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන සදහා භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍යයක් බව අනාවරණ වී තිබෙනවා. නෙදර්ලන්තයේ ...


 හම්බන්තොට වරායට පැමිණි නෞකාවේ තිබී ඇත්තේ න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන සදහා භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍යයක් බව අනාවරණ වී තිබෙනවා. නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් මෙම නෞකාව ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය අළුත්වැඩියා කිරීම සදහා  හම්බන්තොට වරායට ඇතුල් වී ඇත්තේ ඉකුත් 20වනදා රාත්‍රී 9.00ටයි.


එහෙත්  මෙම නෞකාව අයත් සමාගමේ දේශීය නියෝජිතයා විසින් එහි විකිරණශීලි ද්‍රව්‍යය ඇති බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කර නොමැති බවයි සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පසුව සිදු කළ පරීක්ෂාවකින් අනතුරුවයි නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍යය ඇති බව අනාවරණ කරගෙන ඇත්තේ. මෙම නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් 05ක් තිබී ඇති බවද හෙලි කරගෙන තිබෙනවා.


ඒ අනුව 2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ අංක 18 හා 48 වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙසයි අදාළ නෞකාවේ දේශීය නියෝජිතයා  වෙත  දැනුම් දී ඇත්තේ. ඒ අනුව මෙම නෞකාව හම්බන්තොට වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා.


ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාල නෞකාවේ දේශිය නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරාත්තු වන බවයි සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

nethnews

No comments

Ads Place