Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක්….

  යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකු...

 


යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකුරක අවධානමක් පවතින බවට උතුරුපලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.

අප්‍රේල් මාසයේ පසුගිය 12 වනදා සිට 20 වනදා දක්වා යාපනය පොලිසියේ සේවයේ නිරත නිලධාරීන් 09 දෙනෙකුට කොරෝණා ආසාදනය වී  ඇති බවට වාර්ථා වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන් සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

මේ අනුව අදාල පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා ඊයේ (21) රාත්‍රියේ ලැබී තිබූ අතර එහිදී තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යාපනය පොලීසියේ පවතින වාතාවරනය අනුව වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කරන ලද සෙසු පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place