Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොන්දොස්තරට රියදුරු මිටියකින් ගහයි…

  සිංහල හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් ගමන්ගත් ගාල්ලේ සිට පැමිණි පුද්ගලික බස් රථයක කොන්දොස්තර වරයෙකුට බේරුවල නගරයේ දී අලුත්ගම ස...

 


සිංහල හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් ගමන්ගත් ගාල්ලේ සිට පැමිණි පුද්ගලික බස් රථයක කොන්දොස්තර වරයෙකුට බේරුවල නගරයේ දී අලුත්ගම සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටී මාර්ග අංක 400 පුද්ගලික බස් රථයේ රියදුරෙකු මිටියකින් පහර දී තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර රියදුරා සහ කොන්දොස්තරවරයා බේරුවල පොලිසිය මගින් (13)පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කියයි .

ලුත්ගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන පුද්ගලික බස් රථ දෙක එකිනෙක තරගකාරී ලෙස ධාවනය වී බේරුවල නගරයේ දී මග හරස් කර නවතා අලුත් ගම බස්රථයේ රියදුරු විසින් ගාල්ලේ සිට පැමිණි බස් රථ යෙ කොන්දොස්තර වරයාට මිටියකින් පහර දී තුවාල සිදුකර ආවේගශීලීව සහ කලහාකාරී ව සෙසු මගි ජනතාවට අවහිර වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අලුත්ගම සිට කොළඹ තෙක් ධාවනය වෙමින් තිබූ බස්රථ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව බේරුවල පොලිසිය රථ වාහන අංශය සඳහන් කරයි .

පහරකෑමට ලක්ව තුවාල ලැබූ කොන්දොස්තර කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර අතර බස් රථ දෙකේ ගමන්ගත් මගීන් වෙනත් බස් වලින් පිටත් කර හැරීමට පොලිසිය කටයුතු කළ බව කියයි .

බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අලුත් පත්මකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා , රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංජිත් පෙරේරා යන මහත්වරු පරීක්ෂණ සිදුකරයි.

No comments

Ads Place