Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාව රටවල් රැසකින් ඔක්සිජන් ආනයනයට කරයි

  කෝවිඩ් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමේ දැවැන්ත අර්බුදය විසදාගැනීම සදහා රටවල් රැසකින් ඔක්සිජන් ආනයනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්දීය...

 


කෝවිඩ් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමේ දැවැන්ත අර්බුදය විසදාගැනීම සදහා රටවල් රැසකින් ඔක්සිජන් ආනයනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්දීය මධ්‍යම රජය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් සහ ප්‍රවාහන ටැංකි ආනයනය කිරීමට එරට මධ්‍යම රජය පියවර ගෙන ඇත.


මීට අමතරව ඇතැම් ප්‍රාන්ත ද ඔක්සිජන් සහ ප්‍රවාහන ටැංකි ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව දිල්ලි ප්‍රාන්ත රජය තායිලන්තයෙන් සහ ප්‍රංශයෙන් අදාළ උපකරණ ආනයන කිරීමට කටයුතු කර තිබේ.


මේ අතර එක්සත් ජනපදය,එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුලු රටවල් රැසක්ද ඔක්සිජන් සහ වෛද්‍ය උපකරණ ඉන්දියාවට පරිත්‍යාග කර ඇති අතර එම තොගද මේ වනවිට එරටට ලැබෙමින් පවතී.


මේ අතර අගමැතිවරයා යටතේ ඇති කෝවිඩ් අරමුදල යටතේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඔක්සිජන් සැපයුම් මධ්‍යස්ථාන ඉදිකිරීමටද පියවර ගෙන ඇත.


මේ අතර  අද දිනයේ වාර්තාවලට අනුව එහි ආසාදිතයන් සංඛ්‍යාවේ මද අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊයේ තුන්ලක්ෂ පනස් දහස ඉක්මවා තිබූ අසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී ඇත්තේ තුන්ලක්ෂ විසිදහසක් ලෙසිනි.

No comments

Ads Place