Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයකින් සිදුකිරීමට යන ප්‍රහාරයක් ගැන කාන්තාවක් ඇමතුමක් ලබාදීලා වැඩ වරද්දා ගනියි

  119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...


 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

දංකොටුව පොලීසියට යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි අනර්ථයක් සිදුකිරීමට සුදානම්වන බව පවසමින් පෙරේදා දිනයේ දී සවස 2.45 ට පමණ මෙම දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව, දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ දංකොටුව ප්‍රදේශයෙම පදිංචිව සිටි අවුරුදු 25ක් වයසැති කාන්තාවක් විසින් බවයි.

ඇයගේ 28 හැවිරිදි සහෝදරියගේ ජංගම දුරකථනයෙන් එම ඇමතුම ලබාදී ඇති බවත් එම අස්‍ය තොරතුරු ලබාදී ඇත්තේ පොලීසිය මුළා කිරීමට බවත් අනාවරණය වී තිබෙනවා.

ඊයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇමතුම ලබා දුන් සැකකාරිය ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් කාන්තාව ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට දෛනිකව ලබාදෙන ඇමතුම් වලින් සියයට 60ක් පමණ අනර්ථයේ ලබාදෙන ඇමතුම් බවට සිදුකළ විශ්ලේෂණයකින් කරුණු අනාවරණය වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

nethnews

No comments

Ads Place