Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා කිරුළ ගැලෙවුවේ මට අයිතියක් ඇති නිසා…- කැරොලයින් ජූරි පොලිසියට කල ප‍්‍රකාශය මෙන්න..

  කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ...

 


කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ආශා බස්නායකට එය පැළඳ වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දිනයේ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමනට එසේ කිරීමට අයිතියක් ඇති බවයි.

තමන් පුෂ්පිකා ද සිල්වා ගේ හිසෙන් කිරුළ ගලවා දෙවැන්නාට පැලදවූයේ තරග නීතිරීති අනුව බව ද ඇය කල ප්‍රකාශයේ සඳහන් වේ.

පුෂ්පිකා ද සිල්වා තරගයට සහභාගි වීමට හැකියාව ඇතත් ඇය දික්කසාද වූ අයෙක් නිසා විවාහක රූ රැජිණ කිරුළ දැරීමට අවස්ථාවක් නැතැයි ද ජූරි සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තරඟයේ සංවිධායකයා වන චන්දිමාල් ජයසිංහ අවස්ථා ගණනාවක දී තරගය වෙනස්කම් කළ බවත් එයට ද තමා විරෝධය දක්වා වූ බවත් ඇය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී යලි වතාවක් විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා සිල්වා මහත්මිය පළඳවීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.

lankacnews

No comments

Ads Place