Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට දින නියම කෙරේ

  2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැ...

 


2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


' 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනයේදී පවත්වන්න සැලසුම් කර තිබෙනවා.  2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා. 


කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්වයකට පත්වුණා. සාමාන්‍යයෙන් වර්ෂයකට පාසලක් ක්‍රියාත්මක වෙනවා දින 200ක්. නමුත් මේ වර්ෂයේ ක්‍රියාත්මක වුණේ දින 150ක් පමණයි. එය බස්නාහිර පළාතේ දින 130ට අඩු වී තිබෙනවා. මාර්ගගත ක්‍රමයෙන් මේ අඩුව සම්පුර්ණ කරන්න බාධාවක් වුණේ අන්තර්ජාල පහසුකම් දිවයිනේ හැම ප්‍රදේශයකටම එක ලෙස නොමැති වීම ඊට හේතුවක්. ඒ අනුව බොහොම පරෙස්සමින් සාකච්ඡා කරලා තීරණවලට එළඹුණා.' අමාත්‍යවරයා කියා සිටියා.

No comments

Ads Place