Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිය අනතුරක් සිදුකොට පළාගිය මන්ත්‍රී විජයදසගේ පුත්‍රයා අත්අඩංගුවට

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින්...


වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


මන්ත්‍රී පුත්‍රයා පැදවූ මෝටර් රථය ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය සඳහන් කලේ.


සිද්ධියෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වාහනය නතර නොකර ගොස් ඇති අතර  කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  මේ වන විට ඔහු පොලිස් අරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

No comments

Ads Place