Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙදෙනෙකු යට කර අනතුරක් සිදු කළ මොටර් රථය පැය පහක් ගම්වාසින් භාරයේ රදවා ගනී

 නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදි අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයකට, මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකු...


 නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදි අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයකට, මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකු යට වි අනතුරට පත් විමෙන් පසු එම මොටර් රථය පැය පහක කාලයක් හක්ගල ප්‍රදේශවාසින් භාරයේ රදවාගෙන ගම්වාසින්ගේ ඉල්ලිම් ලබාදිමෙන් පසු එම මොටර් රථය ගම්වාසින් විසින් (19) දින නුවරඑලිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.


නුවරඑලිය සිට ඇල්ල දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයකට හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදි (19) දින පස්වරු 1.30 ට පමණ හක්ගල උද්භිද උද්‍යානය නැරඹිමට තිස්සමහරාමය ප්‍රදේශයේ සිට පැමිණි යුධ හමුදා සෙබලෙකු සහ ඔහුගේ මිතුරෙකු එම මොටර් රථයට යට වි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.


අනතුර සිදු විමෙන් පසු නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගය මහ වංගුව ප්‍රදේශයෙන් ගම්වාසින් විසින් හරස් කරමින් උද්ඝෝෂනයක නිරත විම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට වරින් වර බාධා පැමිණ තිබුණි.


උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කියා සිටියේ අප්‍රේල් 01 දිනද ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මත පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු එම ස්ථානයේදි ජිවිතක්ෂයට පත් වි තවත් අනතුරු ගණනාවක් සිදු වු බවයි.


හක්ගල මහ වංගුව ප්‍රදේශයේ බහුල වශයෙන් අනතුරු සිදු වන නිසා එම ස්ථානයේ මාර්ග සංඥා ස්ථාපනය කරන ලෙසට අදාල බලධාරින්ට සහ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කලත්, එයට මෙතෙක් කිසිදු විසදුමක් නොලද නිසා තවදුරටත් එම ස්ථානයේ අනතුරු සිදු වන බවයි.


හක්ගල ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු එම ස්ථානයේ වේග සිමා අඩු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි විසින් පිලියමක් යෙදිමෙන් පසු ගම්වාසින් භාරයේ තිබු අනතුර සිදු කල මොටර් රථය පොලිසිය වෙත භාර දිමට උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කටයුතු කරනු ලැබුවා.

nethnews

No comments

Ads Place