Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට

 ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය...


 ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරනවා.


ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ දිනයේ සිට මේ දක්වා සංචාරකයින් 9629 කසකස්ථානය, ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය, රුසියාව, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය, කැනඩාව යන රටවලින් මෙරටට පැමිණ තිබෙනවා.


ගෝලීය වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය වීමත් සමඟම බොහෝ රටවල් නැවත විවෘත කෙරෙනු ඇති අතර ඒ හා සමගාමීව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විශ්වාසය පලකරනවා.


ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ නව ගුවන් සේවා ආකර්ෂණය කරගැනීම සහ පවතින ගුවන් සේවා වාර ඉහළ නැංවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල සහ ගුවන් සමාගම් අතර සාකච්ඡා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.


කොවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයින් සඳහා නිරෝධායන නීති රීති සහන ලබාදීමට සාකච්ඡා ආරම්භ කොට ඇති අතර මේ යටතේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ටද නිරෝධායන නීතිරීති ලිහිල් කිරීමට පියවර ගනු ලබනවා.

nethnews


No comments

Ads Place