Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළි කිරුළ පැළදූ පුෂ්පිකා හඬා වැටේ… දේශපාලනයට එන බව කියයි…

  නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් උත්සවයේදී කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද දිනයේ එම ...

 


නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් උත්සවයේදී කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද දිනයේ එම කිරුළ නැවත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

තරඟ සංවිධායකයින් විසින් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් පුෂ්පිකා ද සිල්වාගෙන් සමාව ඉල්ලා සිටින බවත්ය.

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් පුෂ්පිකා ද සිල්වා සඳහන් කරන ලද්දේ කෙනෙහෙලිකම් තමන්ට වැට්ටවිවිය නොහැකි බවත් තමන් යකඩ ගැහැනියක් බවත්ය.

ඉදිරියේදී තමන් දේශපාලනයට පැමිණෙන බවද පැවසූ ඇය පසුගිය මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ඉල්ලුවද එය නොලැබුණු බවද එහිදී පැවසුවා ය.


lankacnews

No comments

Ads Place