Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇසක් ඉල්ලූ දහතුන් හැවරිදි ජීවන්තට අග්‍රාමාත්‍ය ආර්යාව ලොව දකින්න වරම් දෙයි…

  ගලෙන්බිදුණු වැව පලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...


 ගලෙන්බිදුණු වැව පලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ නෙත ගැටෙන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේය.

රෝහිත රාජපක්ෂ මහතා ඒ ගැන සිය දයාබර මව, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුවත් කරන්නේ ඒ දරුවා කෙරෙහි හද පතුලෙන්ම ඇතිවුණු සානුකම්පිත හැඟීමෙනි.

දරුවන් කෙරෙහි නිරන්තරයෙන් දයාව කරුණාව දක්වන අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මෙසේ ඇසක් ඉල්ලා හඬ නගන දරුවාගේ වීඩියෝ දර්ශනය දැකීමෙන් සංවේදී වූවාය.

ඇසක් ඉල්ලන මෙම දරුවාට ලොව දැකීමට වාසනාව උදාකිරීමට ඇත්නම් යැයි කල්පනා කළ ගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවන්ත රත්නායක දරුවා කොළඹට ගෙන්වා ගත්තාය. ඒ මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කිරීමේ අටියෙනි.

කොළඹ ඇස් රෝහලේදී (නයනා රෝග්‍ය ශාලාව) මේ දරුවා පරීක්ෂණ ගණනාවකටම ලක්වන්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය මතය. එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකියාව ඇති බව විශේෂඥ වෛද්‍යවරයා තීරණය කළේය. ඊට දීර්ඝ කාලීනව ප්‍රතිකාර කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය විය.

ඒ සියලු බර පැන දරන්නට ශිරන්ති රාජපක්ෂ මහත්මිය තීරණය කළාය.  එදා විජේරාම මාවතේ පිහිටි  අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මුණ ගැසුණු දෑස් නොපෙනෙන ජීවන්ත රත්නායක දරුවා සියලු පරීක්ෂණ හා ප්‍රතිකාරවලට යොමු කරමින්, අවස්ථා කිහිපයක දී කොළඹට ගෙන්වා ප්‍රතිකාර කිරීමට ගරු අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කටයුතු කළාය.

ඉන් මාස කිහිපයකට පසුව ජීවන්ත රත්නායක දරුවා  28 දින අරලියගහ මන්දිරයේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මිය නැවත මුණගැසෙන්නේ සියයට 30 කට වඩා එක් ඇසක පෙනීමක් ඇතිවය.

අද මේ දරුවා පොතපත කියවන්නට උත්සහ දරමින් ,රූපවාහිනිය නරඹමින්, ජංගම දුරකතය හසුරුවමින් ලෝකය දකිමින් සිටියි.

ජීවන්තට කෙරෙන ප්‍රතිකාර තවමත් හමාර නැත. අදත් ඔහු කොළඹට එන්නේ වෛද්‍ය පරික්ෂණයකට ලක්ව අවශ්‍ය ඹෟෂධ ලබාගන්නටය. ඒ පැමිණි ගමනේ දී ඔහු අරලියගහ මන්දිරයට අත්වැලක් නොමැතිව පය තබන්නේ ඇසක් ඉල්ලා හඬ නැගූ තමාට ආලෝකයක්  ලබාදෙමින් ලෝකය දකින්නට අවස්ථාවක් ලබාදුන් ගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය හමුවී දෙපා නැමද ඇයට ස්තූතිය පුද කරන්නටය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

No comments

Ads Place