Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු ගාස්තු වැඩිකරලා… කූට ව්‍යාපාරවලට අනුබලයක්…

  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්ත...

 


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු වැඩිකරලා.. ජනතාව දැනුවත් කර නෑ…

ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු 2021/04/01 සිට වැඩි කර ඇත. මෙම ගාස්තු වැඩි කිරීමට පෙර මේ පිළිබදව ජනතාව දැනුවත් කල යුතු අතර එසේ ජනතාව දැනුවත් වීමක් සිදුකර නැත.ගාස්තු වැඩි කිරීමට අදාල ලිපිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වෙත යවා තිබෙන්නේ 2021/03/31 දින සවස් කාලයේ බව අප කල සොයා බැලීමකදී වාර්තාවිය. පෙර දැනුවත් නොකල නිසා ඊයේ දිනයේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් සේවය ලබා ගැනීමට ගිය ජනතාව දැඩි අපහසුතාවයකට පත්විය.

විශේෂයෙන්ම ඉඩමක් පිළිබදව ලේඛණ පරික්ෂා කිරීම ඇතුලු සේවාවල ගාස්තු වැඩි කිරීම නිසා ජනතාව ඉඩම් පෙර පරීක්ෂාව සිදු නොකිරීම තුළ නිරවුල් නොමැති ඉඩම් මිලට ගැනීමට යාමෙන් කූට ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වේ.මේ වන විට ඉඩම් ව්‍යාජ ලෙස අලෙවි කරනු ලබන කූට ජාවාරම්කරුවන් රටපුරා සිටින බව අප කවුරුත් දන්නා කාරණයකි. මෙම ගාස්තු වැඩි කිරීම ඔවුනට තම කූට ව්‍යාපාර වැඩි වැඩියෙන් සිදු කිරීම සදහා දෙන ලද අනුබලයක් ලෙසද සැළකිය හැකි බව අපගේ විශ්වාසයයි.

මෙම සේවා ගාස්තු අඩු කිරීම සදහා කටයුතු කරන ලෙසත් ජනතාව දැනුවත් කරන තුරු අදාල ගාස්තු වැඩිකිරීම වහාම නවතා දමන ලෙසත් අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments

Ads Place