Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුද්දට යතුරු පැදි සවාරියක් ආ පාසල් සිසුවකු ඇබර්ඩින් ඇල්ලේ ගිලී මිය යයි..

  අලුත් අවුරුද්ද නිමිති කර ගෙන යතුරු පැදි සවාරියක් පැමිනි පාසල් සිසුවකු ගිනිගත්හේන ඇබර්ඩින් දිය ඇල්ලේ ගිලිමෙන් මිය ගොස් ඇති බව ගිනිගත්හේන පො...

 


අලුත් අවුරුද්ද නිමිති කර ගෙන යතුරු පැදි සවාරියක් පැමිනි පාසල් සිසුවකු ගිනිගත්හේන ඇබර්ඩින් දිය ඇල්ලේ ගිලිමෙන් මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොළඹ සිට මිතුරන් හය දෙනකු සමග යතුරු පැදි සවාරියක් පැමින ගිනිගත්හේන ඇබර්ඩින් දිය ඇල්ලේ දිය නැමට ගිය එම පාසල් සිසුවා දියේ ගිලි ඇති බවත්ය.

මෙම පිරිස දිය ඇල්ලේ දිය නාමින් සිටියදි එක් සිසුවෙකු දියේ ගිලි ඇති අතර එම අවස්ථාවේ එහි ප්‍රදේශවාසින් හා එම සිසුවා සමග පැමිනි මිතුරන් එක්ව දියේ ගිලිනු සිසුවා ගොඩ ගෙන සුවසැරිය ගිලන් රියකින් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ගෙන එන විටත් එම සිසුවා මිය ගොස් ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

පසුව මිය ගිය සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සිදු කිරිම සදහා නාවලපිටිය මුලික රෝහලට ගෙන ගිය බවත් මෙසේ මිය ගොස් ඇත්තේ බම්බලපිටිය හිංදු විදුහලේ අධ්‍යාපනය හදාරන කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි රමේෂ් කුෂිකරන් නැමති අවුරුදු 16ක පමන අයකු බවද පැවසු එම නිලධායා තව දුරටත් පවසන ලද්දේ මේ පිලිබදව ගිනිගත්හේන පොලිසිය වැඩි දුර පරික්ෂන මෙහෙයවන බවත්ය.

lankacnews

No comments

Ads Place